Skip to content

“මේක නම් දෙවිගෙන් ලැබුණ තෑග්ගක්”

“මේක නම් දෙවිගෙන් ලැබුණ තෑග්ගක්”

රුමේනියාවේ තියෙන විශාලතම නගරවලින් එක්ක තමයි ක්ලුජ් නපොකා. ඒකට ට්‍රෙෂ සිටි කියලත් කියනවා. 2016 අප්‍රියෙල් 20 සිට 24 දක්වා ඒ නගරයේ ගෞඩෙයාමුස් පොත් ප්‍රදර්ශනය පැවැත්වුණා. ඒ ප්‍රදර්ශනයේදී සාක්ෂිකරුවන්ගේ කුටියකුත් තිබුණා. ඒකේ බයිබල්, බයිබලය මත පදනම් ප්‍රකාශන වගේම වීඩියෝත් දැකගන්න ලැබුණා. ඒ දේවල් ගැන උනන්දුවක් දැක්වූ දහස් ගණන් අයත් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන කතා කරන්නත් සාක්ෂිකරුවන්ට අවස්ථාව ලැබුණා.

ප්‍රදර්ශනය නරඹන්න පාසැල් ගණනාවකින් අධ්‍යාපන චාරිකා සැලසුම් කරලා තිබුණා. සාක්ෂිකරුවන්ගේ කුටියටත් ගුරුවරු දරුවන්ව එක්කගෙන ආවා. එයාලගෙන් හුඟදෙනෙක් ‘මගේ බයිබල් කතන්දර පොත’ සහ ‘දූපුතුන්ට කියා දෙන්න’ කියන ප්‍රකාශනවල පිටපත් ඉල්ලුවා. ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන වීඩියෝවලට ශිෂ්‍යයන් ගොඩක් කැමති වුණා. ඒ වීඩියෝ දැකපු ළමා සුරැකුම් ආයතනයක සේවිකාවක් එයා එක්ක වැඩ කරන කෙනෙක්ට කිව්වා “මේ වෙබ් සයිට් එකේ ඇඩ්රස් එක (www.pr418.com) ලියාගන්න ඕනේ. එතකොට මේ කාටූන් ටික අපේ දරුවන්ට පෙන්නන්න පුළුවන්” කියලා.

‘සැබෑ ආදරය අඳුනගන්නේ කොහොමද?’, ‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ සහ ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ වගේ කාටූන් චිත්‍ර ඇතුළත් විඩියෝ ඒ කුටියේ ප්‍රදර්ශනය කරලා තිබ්බා. විශේෂයෙන් යෞවන වයසේ ඉන්න ශිෂ්‍යයන් ඒවාට ගොඩක් කැමති වුණා.

ඕතඩොක්ස් පූජකයෙක් සහ එයාගේ බිරිඳ, සාක්ෂිකරුවන්ගේ කුටියට කිහිප වතාවක්ම ආවා. එයාලා ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සහ සඟරා කිහිපයක් අරගෙන ගියා. ‘නව ලොව පරිවර්තනයේ’ තියෙන සූචියටත් පරිවර්තකයන් භාවිත කරලා තිබුණ විශ්වාසනීය තොරතුරු මූලාශ්‍රවලටත් එයාලගේ හිත ඇදිලා ගියා කියලා ඒ පූජකයා කිව්වා. එයා සාක්ෂිකරුවන්ට එයාගේ දුරකථන අංකය දීලා බයිබලය ගැන තවදුරටත් සාකච්ඡා කරන්න කැමතියි කියලා කිව්වා.

jw.org වෙබ් අඩවියේ දරුවන්ට තියෙන තොරතුරු හොයාගන්නේ කොහොමද කියලා පූජකයාගේ බිරිඳ ඇහුවා. “දරුවන්” කියන කොටස හොයාගන්න හැටි සහෝදරයන් එයාට පෙන්නුවා. ඊට පස්සේ එයා ‘ඇත්ත කතා කරන්න’ කියන වීඩියෝ එක බැලුවා. එයාට ඒක ගොඩක් හිතට ඇල්ලුවා. වෙබ් අඩවියේ මේ අංගයත් වෙනත් අංග කිහිපයකුත් බැලුවාට පස්සේ, එයාගේ ස්වාමිපුරුෂයා මෙහෙම කිව්වා. “මේක නම් දෙවිගෙන් ලැබුණ තෑග්ගක්.”