Skip to content

වෝර්වික්වල පින්තූරු 7 (2016 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා)

වෝර්වික්වල පින්තූරු 7 (2016 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා)

2016 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් මූලස්ථානය ගොඩනැඟීමේ කටයුතු අවසන් වූ ආකාරයත් ස්වේච්ඡා සේවකයන් ඒ ගොඩනැඟිලි පාවිච්චි කරන්න පටන්ගත්ත ආකාරයත් මේ පින්තූරුවලින් බලන්න.

අවසන් කළ වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය. වම් පැත්තේ ඉඳලා අංක පිළිවෙළට:

  1. වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

  2. අමුත්තන්ගේ රථ ගාල

  3. නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

  4. B නේවාසික ගොඩනැඟිල්ල

  5. D නේවාසික ගොඩනැඟිල්ල

  6. C නේවාසික ගොඩනැඟිල්ල

  7. A නේවාසික ගොඩනැඟිල්ල

  8. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

2016 සැප්තැම්බර් 8වන දා—වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය

මෙතන තියෙන සියලුම ගොඩනැඟිලි දැන් පාවිච්චි කරනවා. සැප්තැම්බර් මාසයේ මුල වෙද්දී, 500දෙනෙක් විතර මෙහි පදිංචි වෙලා හිටියා. ඒකට ඉදි කිරීම් ස්වේච්ඡා සේවකයන් සහ බෘක්ලින්වලින් පදිංචියට ආපු පූර්ණකාලීන සේවකයන් ඇතුළත් වුණා.

2016 සැප්තැම්බර් 20—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

“යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියන ප්‍රදර්ශන ශාලාවට පිවිසෙන තැන තියෙන බිත්තිවලට අල්ලලා තියෙන කැඩපත් ටයිල්වල මතුපිට ඔපය කලා ශිල්පියෙක් සෝදිසි කරයි. ඒ ප්‍රදර්ශන ශාලාවේ තියෙන පෞරාණික දේවල්වලට ගැළපෙන පරණ පෙනුමක් ලැබෙන්න මේ ටයින් විශේෂයෙන් සකස් කළා.

2016 සැප්තැම්බර් 28—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ස්ටීවන් ලෙට්, වෝර්වික් සිට විකාශනය වුණ පළවෙනි උදෑසන නමස්කාරය වැඩසටහන මෙහෙයෙව්වා. එදා සහෝදර ලෙට් අලුත් ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කරන්න උදව් කළ ස්වේච්ඡා සේවකයන් 27,000දෙනාට සහ වෙනත් ආකාරවලින් ඒ ව්‍යාපෘතියට සහයෝගය දක්වපු අනෙකුත් සියලුදෙනාට ස්තුති කරන ලිපියක් කියෙව්වා.

ඔක්තෝබර් 3, 2016—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

මඟ පෙන්වන්නෙක් නොමැතිව නරඹන්න පුළුවන් ප්‍රදර්ශන ශාලා තුනෙන් එකක නාම පුවරුවට වඩු කාර්මිකයෙක් අකුරු සවි කරයි. “යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියන මේ ප්‍රදර්ශන ශාලාවේ 1870 ගණන් ඉඳලා අද දක්වා සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන තොරතුරු තියෙනවා.

2016 ඔක්තෝබර් 5—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ලේඛන කමිටුවේ සාමාජිකයන් එයාලට උපකාර කරන අය සහ ලේඛන අංශයේ සාමාජිකයන් එක්ක රැස්වීමක් පවත්වනවා. විශාල ස්ක්‍රීන් සවි කරලා තියෙන නිසා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන්න යන පොත් පත්වලට පින්තූර දකින්න පුළුවන්. ඒ වගේම වෙනත් ගොඩනැඟිලිවල තියෙන අංශ එක්ක රැස්වීම් පවත්වද්දී එයාලව මේ මගින් සම්බන්ධ කරගන්නත් පුළුවන්. මෙතන තියෙන මේසය අවුරුදු කිහිපයකට කලින් ලැබුණ තැග්ගක්. ඒක බෘක්ලින්වලින් වෝර්වික්වලට ගෙනාවා.

2016 ඔක්තෝබර් 20—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

සංවිධායක කමිටුවට උපකාර කරන කෙනෙක් සහ ඒ කමිටුව යටතේ වැඩ කරන අය, කලින් දවසේ පිලිපීනයට පහර දීපු හයිමා (ලාවින්) කියන ප්‍රබල සුළිකුණාටුවෙන් පහර කාපු අයට උදව් කරන්න පුළුවන් විදි ගැන සාකච්ඡා කරනවා. වීඩියෝ උපකාරයෙන් රැස්වීම් පවත්වන්න පුළුවන් නිසා, ලෝක මූලස්ථානයේ තියෙන අංශවලට හදිසි කාරණා ගැන ඉක්මනින් යමක් කිරීමටත් ලොව වටා තියෙන ශාඛාවන් එක්ක අදහස් හුවමාරු කරගැනීමටත් පහසුයි.

2016 ඔක්තෝබර් 28—නඩත්තු කිරීමේ ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

ප්‍රධාන පිවිසුමට තියෙන පාර සහ නඩත්තු කිරීමේ ගොඩනැඟිල්ල අතර තියෙන මේ පොකුණ හදලා තියෙන්නේ, ජලජ ජීවීන් සුරැකෙන පරිදි වතුර පිරිසිදු වන විදිහටයි. වෝර්වික්වල මේ වගේ තවත් පොකුණු කිහිපයක් තියෙනවා. ඒ පොකුණුවලින් වැහි වතුරේ තියෙන අනවශ්‍ය කොටස් සහ විෂ ද්‍රව්‍ය ස්වභාවිකව පෙරලා ඉවත් කරනවා. මේ පොකුණු නිසා කාණු පද්ධතියක් සෑදීමට යන වියදමෙන් භාගයක්ම ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ පොකුණුවලින් ගලාගෙන යන පිරිසිදු වතුර අහල පහල තියෙන ඇලවල්වලට යන අතර ඒවායේ තියෙන පැලෑටි සහ සතුන්ටත් වඩා හොඳ පරිසරයක් ඇති කරනවා.

2016 නොවැම්බර් 4—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

බෘක්ලින්වලින් වෝර්වික්වලට පදිංචියට ආපු අයගේ බඩු ප්‍රවාහණය කරන්න 80දෙනෙක් විතර උදව් කළා.

2016 දෙසැම්බර් 14—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

පිටි මිශ්‍ර කරන විශාල යන්ත්‍රයකින් ලොකු පිටි ගුලියක් පාන් හදන මේසයට දැමීම. පිටි ගුලියේ බර කිලෝ ග්‍රෑම් 45කට වඩා වැඩි වෙන්න පුළුවන් නිසා, ආධාරකයක් යොදාගෙන එය එසවීම පහසුයි වගේම ආරක්ෂා සහිතයි. උෂ්ණත්වය සහ තෙතමණය පාලනය කිරීමෙන් පිටි පිපීමේ වේගය වැඩි කරන්න හෝ අඩු කරන්න පුළුවන් උපකරණයකුත් වෝර්වික් බේකරියේ සවි කරලා තියෙනවා. ඒ උපකරණය නිසා සෑම සතියකම පාන් ගෙඩි සිය ගණනක් සෑදීමේ කාර්යය තවත් ලේසි වෙලා තියෙනවා.

2016 දෙසැම්බර් 14—නඩත්තු කිරීමේ ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

ඉදි කිරීමේ සේවාවන්ට උදව් කරන සහෝදරයන් නඩත්තු කිරීමේ ගොඩනැඟිල්ලෙන් කසළ ඉවත් කරනවා. බෘක්ලින්වල වගේ නෙමෙයි වෝර්වික්වල අපේ ගොඩනැඟිලි එකෙනෙකට සම්බන්ධයි. ඒ නිසා කසළ හරි නැවත පාවිච්චියට ගන්න පුළුවන් ද්‍රව්‍ය හරි ඉවත් කිරීමට අවශ්‍ය වෙන්නේ ටික දෙනෙක් හෝ වාහන කිහිපයක් විතරයි.

2016 දෙසැම්බර් 14—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

බ්ලවුස් එකකට වතුර ස්ප්‍රේ කරලා විශේෂ අයන් එකකින් අයන් කරනවා. වෝර්වික්වල තියෙන ලොන්ඩරියෙන් සතියකට ඇඳුම් සහ රෙදි පිළි කිලෝ ග්‍රෑම් 5,000කට වැඩියෙන් සෝදා පිරිසිදු කරනවා. ලොන්ඩරියේ වැඩ කරන අය ඒ ඇඳුම් සහ රෙදි පිළිවලට තීරු සංඛේත ලේබල්/පරිගණකයෙන් හඳුනාගන්න පුළුවන් ලේබල් දානවා. ඇඳුම් සහ රෙදි පිළි හැම එකක්ම නිවැරදි කාමරයට හෝ අංශයට ලැබීම තහවුරු කිරීමට ලොන්ඩරියේ විවිධ තැන්වලදී ඒ ඇඳුම් සහ රෙදි පිළිවල තියෙන ලේබලය ස්කෑන් කරනවා.

2016 දෙසැම්බර් 20—නඩත්තු කිරීමේ ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

යන්ත්‍ර කාර්මිකයෙක් පවර් හවුස් එකේ තියෙන දොඹකරයක් පරීක්ෂා කරලා නඩත්තු කරනවා. මෙහෙම නඩත්තු කරන නිසා උපකරණ වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වගේම ඒවා පාවිච්චි කරන අයගේ ආරක්ෂාවත් තහවුරු වෙනවා.

2017 ජනවාරි 10—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

තාක්ෂණික ශිල්පියෙක් “විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ” කියන ප්‍රදර්ශන ශාලාවට හැඳින්වීමේ වැඩසටහනක් සකස් කරනවා.

2017 ජනවාරි 11—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

“යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියන ප්‍රදර්ශන ශාලාවේ තැබීමට 1903 නිෂ්පාදනය කරපු බයිසිකලයක් සූදානම් කරනවා. තෑග්ගක් වශයෙන් ලැබුණ මේ බයිසිකලය වෝර්වික්වල ඉන්න සේවකයන් පරිස්සමින් අලුත්වැඩියා කළා. මුල් කාලයේ හිටපු බයිබල් ශිෂ්‍යයන් බයිබලයේ පණිවිඩය ප්‍රකාශ කරන්න දරපු වෑයම සහ කැප කිරීම මේ වගේ ප්‍රදර්ශන භාණ්ඩවලින් පැහැදිලි වෙනවා.

2017 ජනවාරි 12—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

බයිබල් තොරතුරු පැහැදිලි කරන “ෆෝටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” කියන වැඩසටහනේ මංගල දර්ශනය 1914දී තිරගත වුණා. ඒ අවුරුද්දේ මිලියන නමයකට කිට්ටු සෙනඟක් ඒක නැරඹුවා. ඒ වැඩසටහනට සම්බන්ධ දේවල් ප්‍රදර්ශනය කිරීමට වීදුරු කුටියක් වඩු කාර්මිකයන් සවි කරනවා.

2017 ජනවාරි 12—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ලේඛනාගාර විශේෂඥයන් සහ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් “බයිබලය සහ දෙවිගේ නම” කියන ප්‍රදර්ශන ශාලාවේ තැබීමට සූරික් ලැටින් බයිබලයේ 1544 සංස්කරණයක් සූදානම් කරනවා. ඉදිරි පසින් තියෙන බයිබලයේ දක්වා ඇති රතු පාට ඊතලයෙන් දෙවිගේ නම වන යෙහෝවා තියෙන තැනක් පෙන්වනවා. ඉතා පැරණි බයිබල් ආරක්ෂා කිරීමට ලේඛනාගාර විශේෂඥයන් හුඟක් දේවල් කරනවා. උදාහරණයකට පිටු එහෙට මෙහෙට යන්නැති වෙන්න ඒවා ප්ලාස්ටික් පටිවලින් රඳවනවා. ප්‍රදර්ශනාගාරයේ තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කරනවා. ඒ වගේම ඒ සියුම් කඩදාසි පිටුවලට හානියක් නොවෙන විදිහට ෆයිබර් ඔප්ටික් ආලෝකය පරිස්සමින් සකස් කරනවා.

2017 ජනවාරි 16—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණයේ තියෙන මේ ටැඹේ උස මීටර් 23ක්. (අඩි 75ක්) ආගන්තුකයන්ව එක්කරගෙන එන මඟ පෙන්වන්නෙක් මෙතන ඉඳන් මුළු ගොඩනැඟිලි සංකීර්ණයම එයාලට පෙන්නනවා. මඟ පෙන්වන්නෙක් නැතිව ප්‍රදර්ශන ශාලා බලන්නත් වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණයේ ටුවර් එකක් යන්නත් දින වෙන් කිරීම 2017 අප්‍රියෙල් 3වෙනි දා පටන්ගත්තා. ටුවර් එකක් යන්න කැමති අය කලින්ම වෙලාවක් වෙන්කරගන්න ඕනේ. ඒක අපේ වෙබ්සට් එකේ තියෙන අපි ගැන >කාර්යාල සහ කාර්යාල නැරඹීම කොටසේ කරගන්න පුළුවන්.

2017 ජනවාරි 19—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ලේඛනාගාර විශේෂඥයෙක් බයිබලයේ කිං ජේම්ස් පරිවර්තනයේ දුර්ලභ පිටපතක් ප්‍රදර්ශනය කිරීමට විශේෂයෙන් හදපු පෙට්ටියක තියනවා. මේ විශේෂ පෙට්ටි වෝර්වික්වල වැඩ කරන අයගේ නිර්මාණයක්.

2017 ජනවාරි 19—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

කලාකරුවෙක් ප්‍රදර්ශන භාණ්ඩ තියලා තියෙන වීදුරු පෙට්ටියකට තොප්පියක් ඇතුල් කරනවා. ඒක අවුරුදු සීයයකට කලින් සාක්ෂිකරුවන් අතර පෙරමුණ ගෙන කටයුතු කළ ජෝසෆ් එෆ්. රදෆර්ඩ්ගේ තොප්පියක්. ප්‍රදර්ශන ශාලාවේ, “යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියන මේ කොටසේ, සාක්ෂිකරුවන් මුල් කාලවලදී ශුභාරංචිය දේශනා කිරීමට දරපු වෑයම් ගැන තොරතුරු තියෙනවා.

2017 ජනවාරි 20—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ප්‍රදර්ශන ශාලාවේ, “බයිබලය සහ දෙවිගේ නම” කියන කොටසට විස්තර පටිගත කිරීම. මේ කොටස මඟ පෙන්වන්නෙක් නොමැතිව නරඹන්න පුළුවන්. රෙකෝඩිං ස්ටූඩියෝ එකේ උපකරණ සියල්ලක්ම බෘක්ලින්වලින් වෝර්වික්වලට ගෙනල්ලා සතියකින් විතර පටිගත කිරීම් පටන්ගත්තා. පැටර්සන්වල තියෙන වොච්ටවර් එඩ්‍යූකේෂනල් සෙන්ටර් එකේ ප්‍රධාන රෙකෝඩිං ස්ටූඩියෝවලට සම්බන්ධ මේ ස්ටූඩියෝ එකේ, නව ලොව පරිවර්තනය, මුරටැඹ සහ පිබිදෙව් සඟරා, jw.org වෙබ්සයිට් එකට ලිපි සහ වෙනත් ප්‍රකාශනවල කියවීම පටිගත කරනවා.

2017 ජනවාරි 27—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ත්‍රිමාන ඡායාරූපවල දාරය පින්තාරු කිරීම. ප්‍රදර්ශන ශාලාවේ, “යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියන මේ කොටසේ, 19වන ශතවර්ෂයේ අගභාගයේ බයිබල් ශිෂ්‍යයන්ගේ ඓතිහාසික අවස්ථාවල ඡායාරූප දක්නට ලැබෙනවා.

2017 පෙබරවාරි 15—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

යෙහෝවා දෙවිගේ යාළුවෝ කියන කාටූන්වල ඉන්න චරිතයක් වන දුලේන්ගේ ආකෘතියකට චිත්‍ර ශිල්පියෙක් තීන්ත ගානවා. දරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් විසින් විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන උපකරණ ප්‍රදර්ශනය කරන කොටසක මේ ආකෘතිය දක්නට ලැබෙයි.

2017 පෙබරවාරි 15—කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

“යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියන කොටසට ඡායාරූප සහ සංඥා කැපීම. ප්‍රදර්ශන ශාලාවේ ඓතිහාසික තොරතුරු අඩංගු කොටස් තුන සූදානම් කිරීමට ආරම්භය සිට අවසානය දක්වා 250ට වැඩි පිරිසක් වැඩ කළා. වඩුවන්, කම්පියුටර් ප්‍රෝගෑමර්ස්, නිර්මාණ කරුවන්, විදුලි කාර්මිකයන්, ටයිල් අතුරන්නන්, වීඩියෝ නිශ්පාදකයන් සහ ලේඛකයන් ඊට ඇතුළත් වුණා.