Skip to content

බ්‍රිතාන්‍යයේ අලුතින් ඉදි කරන ශාඛා කාර්යාලයේ පින්තූර 2 (2015 සැප්තැම්බර් සිට 2016 අගෝස්තු දක්වා)

බ්‍රිතාන්‍යයේ අලුතින් ඉදි කරන ශාඛා කාර්යාලයේ පින්තූර 2 (2015 සැප්තැම්බර් සිට 2016 අගෝස්තු දක්වා)

බ්‍රිතාන්‍යයේ ඉන්න සාක්ෂිකරුවන් ලන්ඩන් නගරයේ මිල් හිල්වල තිබුණ එයාලගේ ශාඛා කාර්යාලය, එතනින් කිලෝමීටර් 70ක් විතර නැගෙනහිරට වෙන්න තියෙන එසෙක්ස් ප්‍රාන්තයේ චෙල්ම්ස්ෆර්ඩ් නගරය කිට්ටුවට අරගෙන යනවා. මේ පින්තූරවලින් පෙන්වන්නේ 2015 සැප්තැම්බර් සිට 2016 අගෝස්තු දක්වා අලුත් ශාඛා කාර්යාලයේ වැඩකටයුතු සිද්ධ වුණ විදිහයි.

2015 ඔක්තෝබර් 29 - අමතර සේවාවන් සපයන ගොඩනැඟිලි

ඉදි කිරීමට යොදාගන්න යන්ත්‍රෝපකරණ නඩත්තු කරන ගරාජය ඉදිරියේ කොන්ක්‍රීට් දැමීම.

2015 දෙසැම්බර් 9 - අමතර සේවාවන් සපයන ගොඩනැඟිලි

කාර්යාල සහ කෑම කාමරය තාවකාලිකව තියෙන්න යන ගොඩනැඟිල්ලට වහලය සවි කරන කොන්ත්‍රාත්කරුවන්.

2016 ජනවාරි 18 - අමතර සේවාවන් සපයන ගොඩනැඟිලි

බැකෝ වැනි යන්ත්‍රයකට සවි කරපු ගස් කපන උපාංගයක් යොදාගෙන ප්‍රධාන ගේට්ටුව ළඟ තියෙන තෝරාගත් ගස් කපා ඉවත් කිරීම. ගස් කපන උපාංගය ගස තදින් අල්ලගෙන කඳ කපයි. ඊටපස්සේ බැකෝ එක මඟින් ගස එතැනින් ඉවත් කරයි. ඉවත් කරන ගස් වෙනුවට මේ ව්‍යාපෘතිය අවසන් කරන්න කලින් අලුත් ගස් දහස් ගණනක් හිටවන්න යනවා.

2016 මාර්තු 31 - ශාඛා කාර්යාලය හදන තැන

පසේ තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම. පසුව පස පිරිසිදු කරලා භාවිතයට ගන්න පුළුවන්.

2016 අප්‍රියෙල් 14 - ශාඛා කාර්යාලය හදන තැන

ක්‍රේන් එකකින් තාවකාලික කුටි නියමිත ස්ථානවල තැබීම. ඉදි කිරීම් කණ්ඩායම සහ කොන්ත්‍රාත්කරුවන් ඒ කුටි ඔෆිස් සඳහාත් වෙනත් සේවාවන් සඳහාත් භාවිතා කරන්න යනවා.

2016 මැයි 5 - ශාඛා කාර්යාලය හදන තැන

ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් දේවල් තෝරාගෙන, නියමිත කූඩවලට දැමීම. අනතුරුදායක නොවන ද්‍රව්‍ය සීයට 95ක පමණ ප්‍රමාණයක් වැඩ බිමෙන් වෙන තැනකට ගෙන යෑමට ව්‍යාපෘති කමිටුව තීරණය කළා. ඒ ඉලක්කය දැනටමත් අත් කරගෙන ඉවරයි. ඊට අමතරව ගොඩනැඟිලිවලින් ඉවතලන ගඩොල්, කොන්ක්‍රීට් සහ ලී වගේ දේවලින් සීයට 89ක ප්‍රමාණයක් මේ ඉඩමේම වෙනත් ස්ථානවලදී භාවිතයට අරගෙන තියෙනවා.

2016 මැයි 23 - තාවකාලික ගොඩනැඟිලි

ස්වේච්ඡා සේවකයන්ගේ තාවකාලික නවාතැන්වලට යන ජල නළ සහ අපද්‍රව්‍ය බට සඳහා කපපු කානුවක් පිරවීම.

2016 මැයි 26 - ශාඛා කාර්යාලය හදන තැන

ඉඩමේ පාරවල් සෑදීම සඳහා පස සුදුසුද කියලා පරීක්ෂා කරලා බලන්න කොන්ත්‍රාත්කරුවෙක් පස් සාම්පල එකතු කරනවා.

2016 මැයි 31 - ශාඛා කාර්යාලය හදන තැන

2016 මැයි 31වෙනිදා පාලක මණ්ඩලය මේ සැලැස්ම අනුමත කළා. ඒ අනුමැතිය සහ මූලික සැලසුම්වලට ප්‍රදේශයේ බලධාරීන්ගෙන් ලැබුණ අනුමැතියත් තියෙන නිසා දැන් ඉදි කිරීම් වැඩ දිගටම කරගෙන යන්න පුළුවන්.

2016 ජූනි 16 - ශාඛා කාර්යාලය හදන තැන

පසේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කිරීම. මේ ක්‍රියාවලිය නිසා පස් ඉවත් කරන්නත් නැවත අලුත් පස් ගේන්නත් යන වියදම ඉතිරි කරගන්න පුළුවන්.

2016 ජූනි 20 - ශාඛා කාර්යාලය හදන තැන

ඇතුල්වීමට තියෙන ප්‍රධාන මාර්ගය සකස් කරමින්. මාසයක් පුරාම ඇද හැළුණු තද වැස්ස නිසා ඉඩමේ කොටසක් මඩ වගුරක් වෙලා තිබුණත් වැඩකටයුතු දිගටම කෙරීගෙන ගියා.

2016 ජූලි 18 - තාවකාලික ගොඩනැඟිලි

පාරවල්වල තියෙන දූවිලි අඩු කරන්න වතුර ස්ප්‍රේ කරනවා. ප්‍රදේශයේ තියෙන ගොඩනැඟිලි නියෝගවලට එකඟව වැඩ කරන්න උපකාරයක් විදිහට ඉදි කිරීම් ව්‍යපෘතියේ කමිටුව එක සංවිධානයක් (Considerate Constructors Scheme) එක්ක ලියාපදිංචි වුණා. ඒ සංවිධානය හදලා තියෙන නීතිවලින් සමාජයට ගෞරවයත් අසල්වැසියන්ට සැලකිල්ලත් දක්වන්න දිරිගන්වනවා. ඒ වගේ නීති බයිබල් ප්‍රතිපත්තිවලටත් එකඟයි.

2016 ජූලි 18 - තාවකාලික ගොඩනැඟිලි

වායු සමීකරණ බට රඳවලා තියෙන තැටිවලට කම්බි කැපීම.

2016 ජූලි 22 - ශාඛා කාර්යාලය හදන තැන

ගල් කැට, රොඩු ආදිය මිශ්‍ර වූ පස් ඝණ මීටර් 20,000ක් තෝරා වෙන් කිරීම. මේ පින්තූරය මැද තියෙන කොළ පාට යන්ත්‍රය ඇතුළේ විවිධ ප්‍රමාණයේ දැල් තට්ටු තියෙනවා. ඒ යන්ත්‍රයට පස් දැම්මාම විශාල කැට එක තට්ටුවකත් කුඩා ඒවා එක තට්ටුවකත් රැඳෙනවා. සියුම් පස අඩියටම වැටෙනවා. ඒ විදිහට වෙන් කරන ගල් කැට හා පස් ට්‍රක් රථවලට පුරවනවා.

2016 ජූලි 22 - ශාඛා කාර්යාලය හදන තැන

සැලැස්මේ තියෙන විදිහට ගොඩනැඟිලි හදන්න පොළොව මට්ටම් කිරීම.

2016 අගෝස්තු 18 - ශාඛා කාර්යාලය හදන තැන

පින්තූරයේ මැද හරියේ වමට වෙන්න තියෙන කොටසේ පොළොව කොන්ත්‍රාත්කරුවන් විසින් සකස් කරලා අවසන්. ඒ නිසා නේවාසික ගොඩනැගිල්ලේ අත්තිවාරම් දැමීමේ වැඩ ආරම්භ කරන්න පුළුවන්. වම් පැත්තේ තව එහාට වෙන්න පේන්නේ ඉදි කිරීම් සේවකයන් 118දෙනෙකුට නවාතැන් සපයන්න පුළුවන් තාවකාලික ගොඩනැඟිලි.