Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය කියන්නේ මොකක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය කියන්නේ මොකක්ද?

 පාලක මණ්ඩලය කියන්නේ ලෝකේ පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මඟ පෙන්වීම් ලබා දෙන අද්දැකීම් ලත් විශ්වාසවන්ත පුරුෂයන් කීපදෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක්. ඔවුන් කාර්යයන් දෙකක් කරනවා.

  •   යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත්, රැස්වීම් සහ පාසැල් මගින් ලබා දෙන්නේ බයිබලය මත පදනම් මොන මඟ පෙන්වීම්ද කියලා තීරණය කරන්නේ ඔවුන්.—ලූක් 12:42.

  •   යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරන වැඩේ සහ සංවිධානයට අයිති සම්පත් බලා කියා ගන්න එක අධීක්ෂණය කරන්නේ ඔවුන්.

 අද ඉන්න පාලක මණ්ඩලයත් තීරණ ගන්නේ මුල් සියවසේ හිටිය ‘නියෝජිතයන් හා යෙරුසලමේ හිටිය වැඩිමහල්ලන්’ වගේ. ඔවුන් මුළු ක්‍රිස්තියානි සභාවම වෙනුවෙන් වැදගත් තීරණ ගත්තා. (ක්‍රියා 15:2) එදා හිටිය විශ්වාසවන්ත පුරුෂයන් වගේම පාලක මණ්ඩලයේ සාමාජිකයනුත් සංවිධානයේ නායකයන් නෙවෙයි. ක්‍රිස්තියානි සභාවේ හිස හැටියට යෙහෝවා දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස්ව කියලා පිළිගන්න ඔවුන් නිතරම බයිබලයේ තියෙන මඟ පෙන්වීම් පතනවා.—1 කොරින්ති 11:3; එෆීස 5:23.

පාලක මණ්ඩලයේ සාමාජිකයන් කවුද?

 පාලක මණ්ඩලයේ සාමාජිකයන් හැටියට කෙනත් කුක්, ගේජ් ෆ්ලීගල්, සැමුවෙල් හර්ඩ්, ජෙෆ්රි ජැක්සන්, ස්ටීවන් ලෙට්, ගෙරිට් ලෝෂ්, මාක් සැන්ඩසන්, ඩේවිඩ් ස්ප්ලේන් සහ ජෙෆ්රි වයින්ඩ ඇමරිකාවේ නිව් යෝර්ක්, වොර්වික්වල තියෙන අපේ ලෝක මූලස්ථානයේ සේවය කරනවා.

පාලක මණ්ඩලය සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද?

 අපේ සේවයේ විවිධ පැති ගැන තීරණ ගන්න පාලක මණ්ඩලය කමිටු 6ක් පිහිටුවලා තියෙනවා. හැම සාමාජිකයෙක්ම එක කමිටුවක හෝ කමිටු කීපයක සේවය කරනවා.

  •   සම්බන්ධීකාරකයන්ගේ කමිටුව: මේ කමිටුවේ සේවය කරන සහෝදරයන් තමයි නීතිමය කාරණා බලාගන්නේ. ඒ වගේම ලෝකයේ ඕනම තැනක ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ස්වාභාවික විපත්වලට, ආගමික විශ්වාසයන් නිසා ඇති වෙන විරුද්ධවාදිකම්වලට සහ වෙනත් හදිසි තත්වයන්ට මුහුණ දෙනකොට අවශ්‍ය උපකාර සැලසුම් කරන්නෙත් මේ කමිටුවෙන්.

  •   බෙතෙල් කමිටුව: ලෝකේ පුරාම ඉන්න බෙතෙල් පවුලේ සාමාජිකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් දේවල් සැලසුම් කරනවා.

  •   ප්‍රකාශන කමිටුව: පොත් පත්, සඟරා මුද්‍රණය කරන එක සහ ඒවා ලෝකේ පුරා බෙදාහරින එක බලාගන්නවා. නමස්කාර මධ්‍යස්ථාන, පරිවර්තන කාර්යාල සහ ශාඛා කාර්යාල ඉදි කරන වැඩකටයුතු බලාගන්නෙත් මේ කමිටුවයි.

  •   සේවා කමිටුව: ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ දේශනා කිරීමේ වැඩේට අදාළ හැම දෙයක්ම බලාගන්නවා.—මතෙව් 24:14.

  •   ඉගැන්වීම් කමිටුව: සභා රැස්වීම්වලදී, පාසැල්වලදී, ඕඩියෝ සහ වීඩියෝ වැඩසටහන්වලදී ඉදිරිපත් කරන තොරතුරු සැලසුම් කරනවා.

  •   ලේඛන කමිටුව: මුද්‍රිත මාධ්‍යයෙන්, අපේ වෙබ් අඩවියෙන් බයිබලය මත පදනම් තොරතුරු ලබා දෙන කටයුතු සිද්ධ කරනවා. ලෝක ව්‍යාප්තව සිද්ධ කරන පරිවර්තන කටයුතුවලටත් මඟ පෙන්වීම් ලබා දෙනවා.

 මේ කමිටුවලින් කරන සේවයට අමතරව සංවිධානයේ අවශ්‍යතා ගැන සලකා බලන්න පාලක මණ්ඩලය හැම සතියකම රැස් වෙනවා. ඒ රැස්වීම්වලදී මොකක් හරි දෙයක් ගැන ඒකමතික තීරණයක් ගන්නේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ගැන හොඳට සාකච්ඡා කරලා, දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟවයි.—ක්‍රියා 15:25.

පාලක මණ්ඩලයට උපකාර කරන අය කවුද?

 මේ අය පාලක මණ්ඩලයේ කමිටුවලට සහය වෙන විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්. (1 කොරින්ති 4:2) ඔවුන්ව පත් කරලා තියෙන කමිටුවේ පැවරුම් ඉටු කරන්න ඔවුන්ට අවබෝධය සහ අද්දැකීම් තියෙනවා. ඔවුන්ට අදාළ කමිටුව පවත්වන සතිපතා රැස්වීම්වලටත් ඔවුන් සහභාගි වෙනවා. ඔවුන් තීරණ නොගත්තත් ඒ සඳහා අවශ්‍ය වටිනා යෝජනා සහ තොරතුරු ලබා දෙනවා. කමිටුව ගන්න තීරණ ක්‍රියාත්මක කරනවා. ලැබෙන ප්‍රතිඵල සහ දියුණුව ගැන අවධානයෙන් ඉන්නවා. ලෝකේ පුරා විවිධ තැන්වල ඉන්න අපේ සහෝදරයන්ව බලන්න යන්නත් වාර්ෂික රැස්වීම්වලදී හෝ ගිලියද් පාසැල් පැවරුම් ලබා දෙන අවස්ථාවලදී දේශන දෙන්නත් පාලක මණ්ඩලය ඔවුන්ව පත් කරන්න ඉඩ තියෙනවා.

උපකාර කරන අයගේ නම් ලැයිස්තුව

කමිටුව

නම

සම්බන්ධීකාරකයන්ගේ

  • ජෝන් එක්‍රන්

  • පෝල් ගිලීස්

  • ට්‍රෝයි ස්නයිඩ

බෙතෙල්

  • ජෙරල්ඩ් ග්‍රිසෙල්

  • පැට්‍රික් ලාෆ්‍රැන්කා

  • ඩැනියෙල් මොල්චෙන්

  • මාක් ස්කොට්

  • රැල්ෆ් වෝල්ස්

ප්‍රකාශන

  • රොබට් බට්ලර්

  • හැරල්ඩ් කෝකර්න්

  • ගයියුස් ග්ලෝකන්ටින්

  • ඩොනල්ඩ් ගෝඩ්න්

  • රොබට් ලූසියොනි

  • ඇලෙක්ස් රයින්මුල

  • ඩේවිඩ් සින්ක්ලෙයා

සේවා

  • ගැරී බ්‍රෝ

  • ජොඑල් ඩෙලිංජර්

  • ජෝර්ජ් බෙටී

  • ඇන්තනී ග්‍රිෆින්

  • සෙත් හයියැට්

  • ජෙඩෙල් ජෝඩි

  • ක්‍රිස්ටෆ මේව

  • බාල්ටසා පර්ලා ජූනියර්

  • ජේකබ් රම්ෆ්

  • ජොනතන් ස්මිත්

  • විලියම් ටර්නර් ජූනියර්

  • ලියොන් වීවර් ජූනියර්

ඉගැන්වීම්

  • මයිකල් බෑන්ක්ස්

  • රොනල්ඩ් කර්සැන්

  • කෙනත් ෆ්ලෝඩින්

  • විලියම් මැලන්ෆොන්ට්

  • මාක් නියූමයා

  • ඩේවිඩ් ෂේෆ

ලේඛන

  • නිකලස් අලාඩිස්

  • ක්‍රිස්ටන්සන් පියෙර්

  • රොබට් සිරැන්කෝ

  • කෙනත් ගොඩ්බර්න්

  • ජේම්ස් මැන්ට්ස්

  • ඊසාක් මරේ

  • ක්ලයිව් මාර්ටින්

  • ලෙනාඩ් මයස්

  • ජීන් ස්මෝලි

  • හර්මේනස් වැන් සෙල්ම්