Skip to content

ආගමකට අයිති වෙලා ඉන්න ඕනද?

ආගමකට අයිති වෙලා ඉන්න ඕනද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. නමස්කාරයට එක් රැස් වෙන්න කියලා දෙවියන් කියලා තියෙනවා. බයිබලයේ කියන්නේ ‘අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකරමු’ කියලයි.—හෙබ්‍රෙව් 10:24, 25.

 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහන් 13:35) ඔහු පෙන්නුවේ ඔහුගේ අනුගාමිකයන් සංවිධානාත්මක සෙනඟක් කියලයි. යේසුස්ගේ අනුගාමිකයන් ප්‍රධාන වශයෙන් ප්‍රේමය පෙන්වන්නේ සෙසු නමස්කාරකයන් සමඟ ආශ්‍රය කරන එකෙනුයි. ඔවුන් නමස්කාර කරන්න නොකඩවාම රැස් වෙන්නේ සභාවන් හැටියටයි. (1 කොරින්ති 16:19) ලෝකේ පුරාම ඉන්න ඔවුන් එක පවුලක් වගේ.—1 පේතෘස් 2:17.

ආගමකට අයිති වෙලා හිටියාට මදි

 දෙවියන්ට නමස්කාර කරන්න ජනයා එක් රැස් වෙන්න ඕන කියලා බයිබලයේ පෙන්නුවත් කෙනෙක් ආගමකට අයිති වෙලා හිටිය පළියට දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කියලා ඒකේ කියන්නේ නැහැ. දෙවියන්ගේ අනුමැතිය ලැබෙන්න නම් කෙනෙක්ගේ ආගම ඔහුගේ ජීවිතයට හැමදාම බලපාන්න ඕනේ. බයිබලයේ කියන්නේ “අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන් හා වැන්දඹුවන් අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර මේ ලෝකයේ දේවලින් කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි” කියලයි.—යාකොබ් 1:27.