Skip to content

බයිබල් සිතියම්

බයිබල් සිතියම්

“‘ඒ සරුසාර දේශය දැකගනිමු’” කියන්නේ බයිබල් සිතියම් පොතක්. බයිබලේ තියෙන තොරතුරු හොඳට අධ්‍යයනය කරන්න ඒ පොත උදව් වෙනවා. හුඟක් තැන් ගැන, නගර ගැන සහ ප්‍රදේශ ගැන බයිබලේ තියෙනවා. ඔයා බයිබලේ කියවද්දී ඒ පොත උදව් වෙනවා සිද්ධීන් වුණ තැන් හිතින් මවාගන්න. සමහර සිද්ධීන් කියවද්දී ඒවා වෙලා තියෙන්නේ මොන වගේ තැනකද කියලා තේරුම්ගන්නත් ඒක ඔයාට උදව් වෙයි.

“‘ඒ සරුසාර දේශය දැකගනිමු’” කියන පොතේ බයිබලේ සඳහන් වෙන ප්‍රදේශවල වර්ණවත් සිතියම් සහ රූප සටහන් තියෙනවා. ඒ වගේම පරිගණක ආධාරයෙන් සකස් කරපු පින්තූර වගේ තවත් හුඟක් දේවල් තියෙනවා. බයිබලේ තියෙන තොරතුරු ගැන ඉගෙනගන්න ඔයාට තියෙන ආසාව තව වැඩි කරගන්න ඒවා උදව් වෙයි.

සිතියම් පොතෙන් මේ දේවල් ගැන දැනගන්නත් පුළුවන්

  • ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් ගමන් කරපු ප්‍රදේශ

  • ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා පොරොන්දු දේශයට ගිය ගමන් මඟ

  • ඊශ්‍රායෙල්වරු සහ එයාලගේ සතුරු ජාතීන් ජීවත් වුණ ප්‍රදේශ

  • යේසුස් සේවය කරපු ප්‍රදේශ

  • බැබිලෝනිය, ග්‍රීසිය සහ රෝමය වගේ බයිබලේ සඳහන් අධිරාජ්‍යයන් පාලනය කරපු ප්‍රදේශ

කිසිම අය කිරීමක් නැතුව ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් මේ සිතියම් පොත බලන්න ඔයාට පුළුවන්.