Skip to content

එක පුරුෂයෙකුට හුඟක් භාර්යාවන් ඉන්න එක වැරදිද?

එක පුරුෂයෙකුට හුඟක් භාර්යාවන් ඉන්න එක වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. එක පුරුෂයෙකුට භාර්යාවන් කීපදෙනෙක් එක්ක ජීවත් වෙන්න දෙවියන් යම් කාලෙකට ඉඩ හැරියත් ඒ වගේ දෙයක් කරන්න කියලා දෙවියන් කිව්වේ නැහැ. (උත්පත්ති 4:19; 16:1-4; 29:18-29) දෙවියන් ආදම්ට දුන්නේ එක භාර්යාවක් විතරයි.

 පුරුෂයෙකුට ඉන්න ඕනේ එක භාර්යාවක් විතරයි කියලා දෙවියන් ඇති කරපු සැලැස්ම යේසුස්ද කාවැද්දුවා. (යොහන් 8:28) විවාහය ගැන අහපු ප්‍රශ්නයකට යේසුස් උත්තර දුන්නේ මෙහෙමයි. “දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියාද ලියා තිබෙනවා.”—මතෙව් 19:4, 5.

 දෙවියන්ගේ ඒ මුල් අරමුණ ගැන යේසුස්ගේ අනුගාමිකයෙක්ද මෙහෙම ලිව්වා. “සෑම පුරුෂයෙකුටම භාර්යාවක්ද සෑම ස්ත්‍රියකටම ස්වාමිපුරුෂයෙකුද සිටීම සුදුසුය.” (1 කොරින්ති 7:2) ක්‍රිස්තියානි සභාව රැකබලා ගන්නා පුරුෂයන්ට “සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—1 තිමෝති 3:2, 12.