Skip to content

ක්‍රිස්තියානි අයට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න බැරිද?

ක්‍රිස්තියානි අයට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න බැරිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දරුවන්ව හදන්න එපා කියලවත් හදන්න කියලවත් යේසුස් ඔහුගේ ගෝලයන්ට අණ කරලා නැහැ. යේසුස්ගේ මුල් අනුගාමිකයන්වත් එහෙම කිව්වේ නැහැ. අනික් අතට උපත් පාලනය වැරදියි කියලවත් බයිබලයේ කොහේවත් කියලා නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ කරගන්න පුළුවන් ප්‍රතිපත්තියක් බයිබලයේ රෝම 14:12 තියෙනවා. “අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.”

 දරුවන් හදනවද නැද්ද සහ ඉන්න ඕන දරුවන් ගණන, දරුවන් අතර තියෙන්න ඕන පරතරය තීරණය කරන්න ඕනේ විවාහක යුවළයි. සාර්ථක උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන එක ස්වාමිපුරුෂයා සහ භාර්යාව ගන්න ඕන පෞද්ගලික තීරණයක්. ඒ අයව විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ.—රෝම 14:4, 10-13.