Skip to content

අතීතයෙන් බිඳක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මෑත ඉතිහාසය ගැන දැනගන්න.

අතීතය ලුහුඬින්

ගුවන්විදුලියෙන් ශුභාරංචිය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය පතුරුවන්න ගුවන්විදුලිය පාවිච්චි කළේ කොහොමද?

“අවුරුද්දේ වටිනාම කාලය”

‘සයන්ස් වොච් ටවර්’ සඟරවේ යේසුස්ගේ මරණය සිහි කරන කාලය “අවුරුද්දේ වටිනාම කාලය” හැටියට හඳුන්වලා තිබුණා. ඒ දවස සිහි කරන්න කියලා සඟරාවේ පාඨකයන්ගෙන් ඉල්ලුවා. අතීතයේදී සිහි කිරීම පැවැත්තුවේ කොහොමද?

“කොච්චර ලොකු අස්වැන්නක් කපන්න තියෙනවද?”

7,60,000ට වැඩි පිරිසක් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය බ්‍රසීලයේ දේශනා කරමින් ඉන්නවා. අස්වැන්න නෙළීමේ කාර්යය බයිබල් ශිෂ්‍යයන් දකුණු ඇමරිකාවේ ආරම්භ කළේ කොහොමද?

ප්‍රේමයේ අවන්හල

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවලට සහභාගි වෙන්න පටන්ගත්තේ 1990 ගණන්වල හෝ ඊටපස්සේ නම් ඉස්සර කාලේ සමුළුවල තිබුණු සැලැස්මක් ගැන දැනගන්න ඔයා කැමති වෙයි.

පෘතුගාලයෙත් සත්‍යයේ බීජ වැපුරුවා

මුල් කාලේ පෘතුගාලයේ හිටපු ප්‍රචාරකයන් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද?

1870 සිට 1918

බයිබල් දේශන නිසා අයර්ලන්තය පුරා ශුභාරංචිය පැතිරෙයි

“මේක අස්වැන්න හොඳින් පැසුණු කෙතක්” කියලා තේරුම්ගන්න රසල්ට උදව් වුණේ මොකක්ද?

සියවස සැපිරූ සල රූ සේයා

“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” මුල් දර්ශනය පෙන්වා වසර 100ක් ගත වෙලා. එහි අරමුණ වුණේ බයිබලය දෙවිගේ වචනය බවට මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කිරීමයි.

සත්‍යය දැනගන්න උදව් කරපු “යුරේකා වැඩසටහන”

“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” වැඩසටහන කෙටි කර නිපදවා තිබූ මෙම වැඩසටහන විදුලිය නැති පිටිසර පළාත්වල විකාශනය කළා.

“අස්වැන්න නෙළන වැඩේ මං අත්හැරලා නැහැ”

1වෙනි ලෝක යුද්ධ කාලෙදී බයිබල් ශිෂ්‍යයන්ට යුද්ධය හා සම්බන්ධ කාරණාවලදී වැඩ කරන්න ඕන විදිහ ගැන සම්පූර්ණ අවබෝධයක් තිබුණේ නැතත් දේශනා කරන්න එයාලා දරපු වෑයමට හොඳ ප්‍රතිඵල ලැබුණා.

‘සෝදිසියට ලක් වූ පැයේදී’ ඔවුන් ස්ථිරව සිටියා

බයිබල් ශිෂ්‍යයන් යුද්ධයට බැඳෙන්නේ නැහැ කියලා 1914දී පටන්ගත්ත ලෝක යුද්ධය නිසා මුළු ලෝකයටම දැනගන්න ලැබුණ විදිහ ගැන දැනගන්න.

1919 සිට 1930

“දේශනා සේවය පවරලා තියෙන්නේ කාටද?”

1919 ආරම්භ කරපු විශේෂ වැඩක් මුළු ලෝකෙටම බලපෑවා.

“වෙන කවරදාකටත් වඩා උනන්දුවකින්, ආසාවකින්”

1922 තිබුණ සමුළුවෙන් පස්සේ “රජ සහ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න” කියන උපදෙස බයිබල් ශිෂ්‍යයන් අදාළ කරගත්තේ කොහොමද?

‘අහන්න ලැබුණු හොඳම පණිවිඩය’

1926දී දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට හඳුන්වන බයිබල් ශිෂ්‍යයන් තමන්ගේම ගුවන්විදුලි සේවාවක් කැනඩාවේ නගර හතරක ක්‍රියාත්මක කළා.

හිරු නැඟෙන දේශයට අරුණළු පායයි

පුරෝගාමීන් සඳහා හදපු “යේහු” කරත්ත සත්‍ය ආලෝකය ජපානය පුරාම විහිදුවන්න උදව් වුණේ කොහොමද?

නියම වෙලාවට ලැබුණු දෙයක්!

දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මනියේ හිටපු සාක්ෂිකරුවන්ට පීඩාවලට මුහුණ දෙන්න “ක්‍රියේෂන් ඩ්‍රාමා” වැඩසටහන උදව් වුණේ කොහොමද?

“යෙහෝවා දෙවි ඔයාලව ප්‍රංශයට ගෙනාවේ සත්‍යය කියලා දෙන්නයි”

1919දී ප්‍රංශය සහ පෝලන්තය අතර ඇති කරගත්ත ගිවිසුමක් නිසා ලැබුණු නොසිතූ ප්‍රතිඵල.

රෝද හතරේ පුංචි ගෙදර

1929දී ඇති වුණ දරුණු ආර්ථික අර්බුදය හමුවේ කෝල්පෝටර්වරු ලෙස හැඳින්නුව පූර්ණකාලීන සේවකයන් ඔවුන්ගේ සේවය දිගටම කරගෙන ගියේ කොහොමද කියලා දැනගන්න.

1931 සිට අද දක්වා

දුෂ්කර කාලවලදීත් එයාලා යෙහෝවාට ළං වෙලා හිටියා

දෙවෙනි ලෝක යුද්දේ නිසා යුරෝපයේ නැති නාස්ති වෙලා ගිහින් තිබුණ පැතිවල හිටපු සහෝදරයන්ට ජීවත් වෙන්න ගොඩක් අමාරු වුණා. ඒ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බෙදුණු රටක එක්සත්ව

රටේ බෙදීම් තිබුණ කාලේ දකුණු අප්‍රිකාවේ සහෝදරයන් ඒකට මුහුණ දුන්නේ කොහොමද? ඒ අඳුරු අතීතයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලය ගැන උගන්නපු සංස්කෘතික සංගමයක්

සිවිල් සහ සංස්කෘතික සංගමයක් විදිහට තමයි අවුරුදු 50ක් තිස්සේ මෙක්සිකෝවේ අපිව ලියාපදිංචි කරලා තිබුණේ. නමස්කාර වැඩවලට සීමා තහංචි තිබුණත් දෙවියන්ගේ ආශීර්වාදය නම් අඩුවක් නැතුව ලැබුණා.

“ඔයාලව නතර කරන්න ඉර යට තියෙන කිසිම දේකට ඉඩ දෙන්න එපා!”

ප්‍රංශයේ මුලින්ම පුරෝගාමි සේවය කරපු ඒ අය විඳදරාගෙන, උද්‍යෝගයෙන් සේවය කළා වගේම අනිත් අයට හොඳ ආදර්ශයකුත් දුන්නා.

“යන්න බැරි දුරක්වත් දුෂ්කර තැනක්වත් නැහැ”

1920 ගණන්වල අගභාගයෙත් 1930 ගණන්වල මුල් කාලෙත් ඕස්ට්‍රේලියාවේ දුෂ්කර පැතිවලටත් ශුභාරංචිය ගෙනියන්න ලොකු වෑයමක් දැරුවා.

“ආයේ සමුළුවක් තියෙන්නේ කවදාද?”

1930 ගණන්වල මෙක්සිකෝ සිටිවල පවත්තපු පුංචි සමුළුව විශේෂ එකක් වුණේ ඇයි?

රජතුමා ගොඩක් සතුටු වුණා!

ස්වාසිලන්තයේ හිටපු රජ කෙනෙක් බයිබලයේ තියෙන දේවල් දැනගන්න ආශා වුණ විදිහ ගැන දැනගන්න.

ගිනිකොනදිග ආසියාව පුරා සත්‍යාලෝකය පතුරුවන්න දායක වුණු “ලයිට්බෙයාර” නැව

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණත් “ලයිට්බෙයාර” නැවේ නාවිකයන් කිහිපදෙනා විශාල ජනගහනයක් ඉන්න ලොකු ප්‍රදේශයක රාජ්‍යයේ බීජ වැපිරුවා.

කතා කරන කාර් එකක්!

1936 ඉඳන් 1941 දක්වා බ්‍රසීලයේ ඉන්න මිලියන ගණනකට ශුභාරංචිය දැනුම් දෙන්න ‘කතා කරන වොච් ටවර් කාර් එක’ සාක්ෂිකරුවන්ට උදව් වුණා.

“දේවරාජ්‍යයේ ප්‍රචාරකයෙනි, අවදි වෙන්න!”

අවුරුදු 10ක් පුරා බ්‍රිතාන්‍යයේ ප්‍රචාරකයන්ගේ ගාණ වැඩි වුණේ නැහැ. ඒක වෙනස් වුණේ කොහොමද?

නවසීලන්තයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - දෙවියන්ට ළැදි, සාමකාමී පිරිසක්ද?

1940 ගණන්වලදී සාක්ෂිකරුවන්ව මහජනයාගේ ආරක්ෂාවට තර්ජනයක් විදිහට සැලකුවේ ඇයි?

එයාලා දුන්නේ එයාලට තිබුණු හොඳම දේ

දෙවෙනි ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජර්මනියේ ඉන්න එයාලගේ සහෝදරයන්ට උදව් කළේ කොහොමද?

කියවීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරන්න අත්වැලක්

මිනිසුන්ට කියවන්න, ලියන්න උගන්වන්න දරන වෑයම ගැන හුඟක් රටවල නිලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අගය කරලා තියෙනවා.