Skip to content

පටුනට යන්න

ගලීල ප්‍රදේශයේ තියෙන වනාන්තරයක්

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

බයිබලයේ කියන තරම්ම අතීත ඊශ්‍රායෙල් දේශය වනාන්තරවලින් ගහනව තිබුණාද?

පොරොන්දු දේශයේ සමහර ප්‍රදේශවල ගස් “අධික ප්‍රමාණයක්” තිබුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 රාජා. 10:27; යොෂු. 17:15, 18) ඒත් අද ඒ දේශයේ ගහක් කොළක් නැති ප්‍රදේශ බොහෝමයක් තියෙන නිසා බයිබලයේ කියලා තියෙන දේ ඇත්තක්ද කියලා සමහරු සැක කරනවා.

සිකමෝර් අත්තික්කා පොකුරක්

එක පොතක සඳහන් වුණේ “අතීත ඊශ්‍රායෙල් දේශය අදට වඩා ගහ කොළවලින් පිරිලා තිබුණා” කියලයි. (Life in Biblical Israel) උස් බිම්වල පයින් සහ ඕක් වර්ගයේ ගස් වගේම ටෙරබින්ත් කියන ගස් සුලභව තිබුණා. ඒ වගේම මධ්‍යම කඳුකරයත් මධ්‍යධරණී මුහුදත් අතර තියෙන “ෂෙපේලා” කියන ප්‍රදේශයේ සිකමෝර් අත්තික්කා ගස් එදා බහුලව දැකගන්න පුළුවන් වුණා.

ඒත් වර්තමාන ඊශ්‍රායෙලයේ කිසිම ගහක් කොළක් දැකගන්න බැරි ප්‍රදේශ තියෙනවා කියලා තවත් පොතක සඳහන් වෙනවා. (Plants of the Bible) ඒකට හේතුව “වගා බිම් සහ තණබිම් ව්‍යාප්ත කරන්නත් නිවාස ඇතුළු ගොඩනැඟිලි ඉදි කරන්න අවශ්‍ය දැව ලබාගන්නත් දර ලබාගන්නත් අතීතයේ ඉඳන්ම මිනිසුන් වනාන්තර එළි පෙහෙළි කිරීමයි” කියලා ඒ පොතේ සඳහන් වෙනවා. ඒ නිසා කාලයත් එක්ක ඒ ප්‍රදේශ ගස් කොළන් නැති තැන් බවට පත් වුණා.