Skip to content

පටුනට යන්න

බයිබලය විශ්වාස කිරීමට හේතු

4. විද්‍යාත්මකව නිවැරදියි

4. විද්‍යාත්මකව නිවැරදියි

අද විද්‍යාව හුඟක් දියුණු වී තිබෙන නිසා පැරණි විද්‍යාත්මක මත ඉවත් වී අලුත් මත ඇති වී තිබෙනවා. එමනිසා කලින් පිළිගත් මත පසු කාලයකදී වැරදි මත බවට පත් වී තිබෙනවා. මේ නිසා විද්‍යාත්මක පොත් පත් නිතරම සංශෝධනයට ලක් වෙනවා.

බයිබලය විද්‍යාව සම්බන්ධයෙන් ලියැවුණු පොතක් නොවෙයි. නමුත් එහි ඇති විද්‍යාත්මක තොරතුරු සලකා බැලීමේදී පෙනී යන්නේ එය විද්‍යාවට එකඟ බවයි. එමෙන්ම විද්‍යාව හා ගැටෙන්නේ නැති වීමත් එහි තිබෙන විශේෂත්වයක්.

විද්‍යාව හා ගැටෙන්නේ නැහැ.

අතීතයේදී විවිධ දේවල් සම්බන්ධයෙන් වැරදි මත තිබුණා. පෘථිවිය පැතලි බවත් එය කවුරු හරි කෙනෙක් ඉහළට ඔසවාගෙන සිටි බවත් විශ්වාස කළා. ඒ වගේම බෝ වන රෝග හා ඒවායින් ආරක්ෂා විය යුතු ආකාරය ගැන විද්‍යාවෙන් සොයාගැනීමට බොහෝ කාලයකට පෙර වෛද්‍යවරුන් යම් යම් ක්‍රම අත්හදා බලනු ලැබුවා. මින් සමහරක් ක්‍රම එතරම් සාර්ථක නොවුණු අතර තවත් සමහර ඒවා භයානක වුණා. බයිබලයේ සඳහන් පරිච්ඡේද 1,100කට වඩා තිබුණත් ඉන් එකකවත් විද්‍යාවට පටහැනි තොරතුරු සඳහන් වන්නේ නැහැ.

විද්‍යාවට එකඟයි.

අවුරුදු 3,500කට පමණ පෙර බයිබලයේ සඳහන් කර තිබුණේ පෘථිවිය “අවකාශයෙහි” එල්ලා තිබෙන බවයි. (යෝබ් 26:7, පැරණි අනුවාදය, පැ.අ.) ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදී යෙසායා පෘථිවිය ‘ගෝලයක්’ ලෙස හඳුන්වා තිබුණා. (යෙසායා 40:22, නව ලොව පරිවර්තනය, NW) පෘථිවිය කිසිම ආධාරකයක් මත රඳා නොතිබෙන බවත් එය ගෝලයක් බවත් පවසා තිබුණු අදහස නවීන දින විද්‍යාව හා එකඟ වීම විශිෂ්ට බව ඔබට සිතෙන්නේ නැද්ද!

ක්‍රිස්තු පූර්ව 1500දී පමණ දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ (බයිබලයේ පළමුවෙනි පොත් පහ) බෝ වන රෝගීන් වෙන් කර තැබීම, මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය හා කැළි කසළ ඉවත් කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම සඳහන් කර තිබුණා.—ලෙවී කතාව 13:1-5; ගණන් කතාව 19:1-13; ද්විතීය කතාව 23:13, 14.

දියුණු දූරේක්ෂය සොයාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පෘථිවිය හදිසියේම “ඇති වුණා” කියායි. ඒත් සියලුම විද්‍යාඥයන් එම මතය පිළිගන්නේ නැහැ. එක් ප්‍රවීණයෙක් පැවසුවේ “ආරම්භයක් තිබෙන විශ්වයට එය නිර්මාණය කළ තැනැත්තෙක්ද සිටිය යුතුයි. කිසිම ප්‍රයෝජනදායක හේතුවක් නැතුව යම් නිර්මාණයක් ඇති වුණා කියා විශ්වාස කරන්න පුළුවන් කාටද” කියායි. දූරේක්ෂය සොයාගැනීමට බොහෝ කාලයකට පෙර බයිබලයේ පළමුවෙනි පොතෙහි පළමුවෙනි පදයේ මෙසේ පවසා තිබුණා. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.” —උත්පත්ති 1:1NW.

පෘථිවිය “අවකාශයෙහි” එල්ලා තිබෙන බව බයිබලයේ ඈත අතීතයේදීම පවසා තිබුණා

බයිබලය පැරණි මෙන්ම බොහෝ විෂයන් ඇතුළත් පොතක් වුවත් එහි විද්‍යාවට පටහැනි කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. එවැනි පොතක් ගැන අප සොයා බැලීම ඇත්තෙන්ම වටින්නේ නැද්ද! *

^ 9 ඡේ. බයිබලය විද්‍යාත්මකව නිවැරදිද කියා වැඩිදුරටත් දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත සියලුම ජනයා සඳහා පොතක් යන ප්‍රකාශනයේ 18-21 දක්වා පිටු බලන්න.