Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට දෙයක්!

සෝදිසියෙන් ඉන්න, ගැඹුරට අධ්‍යයනය කරන්න

සෝදිසියෙන් ඉන්න, ගැඹුරට අධ්‍යයනය කරන්න

ගැඹුරට අධ්‍යයනය කරන එක කොච්චර වැදගත්ද කියලා දැනගන්න දානියෙල් 9:1-19 කියවන්න.

සිද්ධියේ වටපිටාව දැනගන්න. දානියෙල්ට මූණ දෙන්න වුණේ මොන වගේ දේවලටද? ඒවා එයාට බලපෑවේ කොහොමද? (දානි. 5:29–6:5) දානියෙල්ගේ තැන ඔයා හිටියා නම් ඒවා ඔයාට කොහොම බලපායිද?

ගැඹුරට යන්න. දානියෙල් සෝදිසි කරන්න ඇත්තේ මොන “ලියවිලිද?” (දානි. 9:2; w11 1/1 22 1¶) තමන්ගේ වගේම ඊශ්‍රායෙල් සෙනඟගේ පව් ගැනත් එයා පසුතැවුණේ ඇයි? (ලෙවී. 26:39-42; 1 රාජා. 8:46-50; dp 182-184) දානියෙල් දෙවියන්ගේ වචනය ගැඹුරටම අධ්‍යයනය කරපු කෙනෙක් කියලා එයාගේ යාච්ඤාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?—දානි. 9:11-13.

පාඩම් අඳුරගන්න. මේ ගැන හිතන්න.

  • ‘අද සමාජයේ මොන වගේ දේවල් වුණත් මගේ අවධානය බිඳගන්නේ නැතුව ඉන්න මට පුළුවන් කොහොමද?’ (මීකා 7:7)

  • ‘දානියෙල් වගේ මාත් බයිබලේ ගැඹුරට අධ්‍යයනය කළොත් මට මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?’ (w04 8/1 12 17¶)

  • ‘“සෝදිසියෙන් ඉන්න” මට උදව් වෙන්නේ පෞද්ගලික අධ්‍යයනයට මොන වගේ දේවල් කළොත්ද?’ (මතෙ. 24:42, 44; w12 8/15 5 7-8¶)