Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2020 අංක 2 | දුක් වේදනා ගැන ප්‍රශ්න 5කට පිළිතුරු

අසනීපයක් නිසා, හදිසි අනතුරක් නිසා, ස්වාභාවික විපතක් නිසා එහෙමත් නැත්නම් සාහසික ක්‍රියාවක් නිසා කවදා හරි දවසක අපි හැමෝටම දුක් විඳින්න සිද්ධ වෙනවා.

ඇයි එහෙම වෙන්නේ කියලා හුඟක් අය කල්පනා කරනවා.

  • අපිට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ දෛවය නිසා කියලත් දුක් විඳින එක වළක්වගන්න අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලත් සමහර අය හිතනවා.

  • තවත් අය කර්මය විශ්වාස කරනවා. ඒ වගේ අය හිතනවා මේ ජීවිතයේදී හරි කලින් ජීවිතයකදී හරි කරපු වැරදි දෙයක් නිසා අපි දුක් විඳිනවා කියලා.

දුක් විඳින්නේ ඇයි කියන එක ගැන හුඟක් අය කල්පනා කළත් එයාලගේ හිතට එන ප්‍රශ්නවලට එයාලට උත්තර හොයාගන්න පුළුවන් වෙලා නැහැ.

සමහරු විශ්වාස කරන්නේ මොනවාද?

දුක් විඳින්නේ ඇයි කියන එක ගැන එක එක ආගම්වල තියෙන විවිධ අදහස් ගැන දැනගන්න.

1 දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

දෙවියන් ගැන උගන්වලා තියෙන බොරු නිසා හුඟක් අය දෙවියන් ගැන වැරදි විදිහට හිතනවා. ඇත්තටම දෙවියන් මොන වගේ කෙනෙක්ද?

2 අපි විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනෙ අපිමද?

ඒක එහෙමනම් අපි විඳින දුක් වේදනා අඩු කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.

3 හොඳ මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

උත්තරේ බයිබලයෙන් දැනගන්න පුළුවන්.

4 දෙවියන් අපිව නිර්මාණය කළේ දුක් විඳින්නද?

මේ ලෝකය හරිම ලස්සන විදිහට නිර්මාණය කළ දෙවියන් දුක් වේදනා පිරි ජීවිතයක් අපිට දෙන්න තීරණය කළා කියලා හිතන්න පුළුවන්ද? ඒක එහෙම නෙවෙයි නම් වැරදුණේ කොතනද?

5 දුක් වේදනාවලට නිමාවක් ලැබෙයිද?

දෙවියන් දුක් වේදනාවලට නිමාවක් ගේන්නේ කොහොමද කියලා බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා.

උපකාර ලබාගන්න පුළුවන්

අපේ ප්‍රශ්නවලට විසඳුමක් නැහැ කියලා පේන්න තිබුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන්.