රෝම 13:1-14

13  සියලුදෙනාම උසස් බලධාරීන්ට+ යටත් විය යුතුයි.+ සියලුම බලතල+ දෙවි සතු වන නිසා+ එම බලධාරීන්ට යම් බලතල+ ලබා දී තිබෙන්නේ දෙවිය.+  එහෙයින් යමෙක් බලධාරීන්ට විරුද්ධව ක්‍රියා කළොත් ඔහු විරුද්ධ වන්නේ දෙවි පිහිටුවා ඇති සැලැස්මටය. එසේ විරුද්ධ වන අයට විනිශ්චයක් ලැබේ.+  ජනතාව සාමාන්‍යයෙන් පාලකයන්ට බිය වෙති. එසේ බිය විය යුත්තේ යහපත් දේවල් කරන අය නොව වැරදි දේවල් කරන අයයි.+ අධිකාරීන්ට බිය නොවී සිටින්න ඔබ කැමතිද? එසේනම් දිගටම යහපත් දේවල් කරන්න.+ ඔබ එසේ කළොත් ඔබ ඔවුන්ගේ පැසසුමට ලක් වනු ඇත.  ඇත්තටම ඒ අධිකාරීහු දෙවි වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කරති. ඒ ඔබේ යහපත උදෙසාය.+ කෙසේවෙතත් ඔබ වැරදි දේවල් කරනවා නම්+ ඔබ ඔවුන්ට බිය විය යුතුයි. මන්ද දඬුවම් කිරීම සඳහා බලතල* එම අධිකාරීන්ට දී තිබෙන්නේ හොඳ හේතු ඇතුවය. ඒ අනුව වැරදි දේවල් කරන අයට විරුද්ධව දෙවිගේ උදහස ප්‍රකාශ කිරීමට පත් කර තිබෙන ඔවුහු,+ දෙවි වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කරති.  එහෙයින් ඔබ ඔවුන්ට අනිවාර්යයෙන්ම යටත්ව සිටිය යුතුයි. එසේ සිටිය යුත්තේ ඔවුන් දෙන දඬුවමට* ඔබ බිය වන නිසා පමණක් නොව ඔබේ හෘදය සාක්ෂිය නිසාය.+  ඔබ බදු ගෙවන්නෙත් ඒ නිසාය. මන්ද එම බලධාරීහු තම රාජකාරිය ඉටු කරමින් මහජනයා සඳහා දෙවි වෙනුවෙන් වටිනා සේවයක් ඉටු කරති.+  සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද+ වරිපණම් දිය යුතු තැනැත්තාට වරිපණම්ද දෙන්න. බිය විය යුතු තැනැත්තාට බිය වන්න.+ ගෞරව කළ යුතු තැනැත්තාට ගෞරව කරන්න.+  කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න.+ ඒ වෙනුවට එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. එය ගෙවා නිම කළ නොහැකි ණයක් හා සමානය.+ මන්ද අනුන්ට ප්‍රේම කරන තැනැත්තා නීතිය නිසි ලෙස ඉටු කර ඇති බව පැවසිය හැක.+  “අනාචාරයේ* නොහැසිරෙන්න.+ මිනී නොමරන්න.+ සොරකම් නොකරන්න.+ වෙනත් කෙනෙකු සතු දේට තණ්හාවක් ඇති කර නොගන්න”+ යනාදි ආඥා සහ වෙනත් ආඥා ඇතුළත් ඒ නීති මාලාවේ සඳහන් සියල්ල, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන වචන ස්වල්පය තුළ ගැබ් වී තිබේ. 10  ප්‍රේමය පෙන්වන කෙනෙක්+ තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැත.+ එහෙයින් නීතිය නිසි ලෙස ඉටු කිරීමට ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍යය.+ 11  අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි.+ මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු.+ 12  රාත්‍රිය බොහෝදුරට ගෙවී ගොස් ඇත. අලුත් දිනක්+ අත ළඟය. එහෙයින් අන්ධකාරයට සම්බන්ධ ක්‍රියා අපේ ජීවිතයෙන් බැහැර කර+ ආලෝකයේ ආයුධ පැළඳගනිමු.+ 13  මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු. 14  වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට කල්තියාම සැලසුම් යොදනවා වෙනුවට+ ඔබේ මුළු හදවතින්ම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න.+

පාදසටහන්

මූ.අ., “කඩුවක්.”
මූ.අ., “ඔවුන්ගේ උදහසට.”
මූ.අ., “පරදාර සේවනයේ.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.