Skip to content

ඔයාලා හැමෝටම ශුභාරංචිය කියනවාද?

ඔයාලා හැමෝටම ශුභාරංචිය කියනවාද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි ලෝකේ කොහේ හිටියත් ඕනම කෙනෙක් එක්ක ඕනම වෙලාවක බයිබලේ තියෙන ශුභාරංචිය ගැන කතා කරනවා.—මතෙව් 28:19, 20.

 සමහර සාක්ෂිකරුවන් එයාලා ජීවත් වෙන රටේම, ශුභාරංචිය ගැන අහලා නැති මිනිසුන් ඉන්න පළාත්වලට ගිහින් ශුභාරංචිය කියනවා. තවත් අය වෙනත් රටවලට ගිහින් ශුභාරංචිය ගැන මිනිසුන්ට කියනවා. ඒගොල්ලෝ ඒක කරන්නේ හරිම සතුටින්. ඒකට හේතුව ‘ඔබ පොළොවේ දුර ඈත කෙළවරවල මා ගැන සාක්ෂි දරයි’ කියලා යේසුස් කියපු දේ ඒ අයගේ සේවයෙන් ඉටු වෙනවා කියලා ඒ අය දන්න නිසයි.—ක්‍රියා 1:8.

 වෙන රටවලට ගිහින් සේවය කරන අයව පුහුණු කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගිලියද් මුරටැඹ බයිබල් පාසැල කියලා වෙනම පාසැලකුත් අරඹලා තියෙනවා. ඒක පටන්ගත්තේ 1943දී. මේ දක්වා ඒ පාසැලෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 8,000කට වඩා පුහුණුව ලබලා තියෙනවා.