Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගමෙන් ඉවත් කරපු අය එක්ක කිසිම ආශ්‍රයක් නැද්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගමෙන් ඉවත් කරපු අය එක්ක කිසිම ආශ්‍රයක් නැද්ද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වුණ සමහර අය තවදුරටත් ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ නැත්නම් හෝ අපේ රැස්වීම්වලට එන්නේ නැත්නම් අපි එයාලව ආශ්‍රය කරන එක නවත්වන්නේ නැහැ. ඒ වගේ අයට ආයෙත් ක්‍රියාශීලී වෙන්න අපි උපකාර කරනවා.

 බරපතළ වැරදි කරන අයව අපි ඔහේ සභාවෙන් ඉවත් කරන්නේ නැහැ. කොහොමවුණත් බව්තීස්ම වුණ සාක්ෂිකරුවෙක් බයිබලයේ හෙළා දැකලා තියෙන දේවල් දිගින් දිගටම කරනවා නම් සහ ඒ වගේ කෙනෙක් ඒ වැරදි ගැන පසුතැවිලි වෙන්නේ නැත්නම් ඒ අයව සභාවෙන් ඉවත් කරනවා. බයිබලයෙත් පැහැදිලිව කියන්නේ ‘ඔබ අතරින් ඒ දුෂ්ට පුද්ගලයාව ඉවත් කරන්න’ කියායි.—1 කොරින්ති 5:13.

 සභාවෙන් ඉවත් කළ කෙනෙක්ගේ භාර්යාව හා දරුවන් සාක්ෂිකරුවන් නම් ඒ අයට ඇති වෙන බලපෑම මොකද්ද? සභාවෙන් ඉවත් කළ කෙනෙක් එයාගේ පවුලේ අයත් එක්ක නමස්කාරය හා සම්බන්ධ දේවල් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි පවුලේ බැඳීම නැති වෙන්නේ නැහැ.

 සභාවෙන් ඉවත් කළ කෙනෙකුට අපේ රැස්වීම්වලට සහභාගි වෙන්න පුළුවන්. අවශ්‍ය නම් ඔවුන්ට සභාවේ මූලිකත්වය අරගෙන වැඩ කරන අයගෙන් යම් මඟ පෙන්වීම්, උපදෙස් ලබාගන්න පුළුවන්. මේ සැලැස්මේ අරමුණ, ඒ පුද්ගලයාට නැවත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න අවස්ථාව ලබා දීමයි. සභාවෙන් ඉවත් කළ කෙනෙක් බරපතළ වැරදි කරන එක නතර කරලා බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරන්න අවංක උත්සාහයක් ගන්නවා නම් ඒ අයව ආයෙත් සභාවට පිළිගන්න අපි කැමතියි.