Skip to content

සාක්ෂිකරුවන් හුඟක් වෙලාවට ඉක්මනින් සනීප වෙනවා

සාක්ෂිකරුවන් හුඟක් වෙලාවට ඉක්මනින් සනීප වෙනවා

ඕස්ට්‍රේලියාව: “ආගමික විශ්වාසයක් නිසා ලේ ගන්නේ නැති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රෝහල්ගත වුණාම අනිත් රෝගීන්ට වඩා ඉක්මනින් සනීප වෙනවා” කියලා 2012 ඔක්තෝබර් 2වෙනිදා පළ වුණ පුවත්පතක සඳහන් වුණා.—The Sydney Morning Herald.

සිඩ්නි නගරයේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ඡේම්ස් අයිස්බිස්ට කිව්ව දේ මේ විදිහට ඒ පුවත්පතේ වාර්තා කරලා තිබුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නේ නැති හින්දා සැත්කම්වලදී ලේ ගැලීම අවම කරන්න වෛද්‍යවරු ලොකු වෑයමක් දරලා ඒගොල්ලන්ට හොඳම ප්‍රතිකාර ලබා දෙනවා. රුධිරය ලබාගෙන සැත්කම් කරන අනිත් රෝගීන් වගේ ඔවුන්ට වැඩි කාලයක් රෝහලේ ඉන්න වෙන්නේ නැහැ. මිය යන සංඛ්‍යාවත් ඉතාම අඩුයි.”

ඒ අදහස දරන්නේ මහාචාර්ය ඡේම්ස් අයිස්බිස්ට විතරක්ම නෙමෙයි. හදවත් සැත්කම් කරපු සාක්ෂිකරුවන් ගැන ප්‍රකාශනයක පළ වුණේ මෙහෙමයි. “හදවත් සැත්කම් කළ රුධිරය ලබාගත් රෝගීන්ට වඩා ඒ සැත්කමම කළ සාක්ෂිකරුවන්ට සැත්කමෙන් පසුව ඇති වුණ දරුණු ගැටලුසහගත තත්වයන් හුඟක් අඩුයි. රුධිරය ලබාගත්ත අයට වඩා ඉක්මනින් ඔවුන් රෝහලෙනුත් පිට වී ගියා.”—Archives of Internal Medicine, August 13-27, 2012.