Skip to content

බයිබලයේ පොත් හඳුන්වා දෙන වීඩියෝ

මේ කෙටි වීඩියෝවලින් බයිබලයේ එක් එක් පොත් ගැන කෙටි හැඳින්වීමක් සහ ඒවායේ තියෙන තොරතුරු ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. බයිබලය කියවීමෙන් සහ අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ වීඩියෝ ඔයාට උදව් වෙයි.

බයිබලයට හැඳින්වීමක්

දෙවියන් දේවරාජ්‍යය මාර්ගයෙන් ඔහුගේ නමට වෙලා තියෙන කැළල නැති කරන එකයි බයිබලයේ ප්‍රධාන තේමාව. බයිබලයේ හැම පොතක්ම ලියලා තියෙන්නේ ඒ තේමාවට ගැළපෙන විදිහටයි.

උත්පත්ති පොතට හැඳින්වීමක්

මිනිස් වර්ගයාගේ ආරම්භය ගැනත් දුක් වේදනා විඳීමට හේතුව ගැනත් තොරතුරු උත්පත්ති පොතේ සඳහන් වෙනවා.

නික්මයාම පොතට හැඳින්වීමක්

දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් ගලවාගෙන තමන්ට කැප වූ ජාතියක් විදිහට එයාලව සංවිධානය කළා. ඒ ගැන මේ පොතෙන් දැනගන්න.

ලෙවී කතාව පොතට හැඳින්වීමක්

යෙහෝවා දෙවියන්ගේ ශුද්ධකම ගැනත් දෙවියන්ගේ සෙනඟ ශුද්ධව ඉන්න එකේ වැදගත්කම ගැනත් ලෙවී කතාව පොතේ කාවද්දනවා.

ගණන් කතාව පොතට හැඳින්වීමක්

හැම අවස්ථාවකදීම යෙහෝවා දෙවියන්ට සහ පෙරමුණ ගන්න අයට කීකරු වෙන එකේ වැදගත්කම ගැන මේ පොතෙන් කාවද්දනවා.

ද්විතීය කතාව පොතට හැඳින්වීමක්

යෙහෝවා දෙවියන්ට තම සෙනඟ ගැන තියෙන ආදරය ඔහු දුන්න නීතියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

යොෂුවා පොතට හැඳින්වීමක්

ඊශ්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශය යටත් කරගත් විදිහ සහ ඒක ගෝත්‍රවලට බෙදා දුන්න විදිහ මේ පොතෙන් දැනගන්න.

විනිශ්චයකරුවෝ පොතට හැඳින්වීමක්

යෙහෝවා තම සෙනඟව සතුරන් අතින් ගලවාගන්න පත් කරපු විනිශ්චයකරුවන්ගේ වීර ක්‍රියා ගැන මේ පොතෙන් දැනගන්න පුළුවන්.

රූත් පොතට හැඳින්වීමක්

රූත් පොතේ තියෙන්නේ තරුණ වැන්දඹුවක් තවත් වැන්දඹුවක් වුණ තමන්ගේ නැන්දම්මාට නොසැලෙන ආදරයක් පෙන්නපු නිසා යෙහෝවා ආශීර්වාද කරපු විදිහ ගැන.

1 සාමුවෙල් පොතට හැඳින්වීමක්

ඊශ්‍රායෙල්වරුන් අතරේ හිටිය විනිශ්චයකරුවන් වෙනුවට රජවරුන්ව පත් කරන්න මඟ පාදපු සිද්ධිය ගැන දැනගන්න.

2 සාමුවෙල් පොතට හැඳින්වීමක්

දාවිත්ගේ නිහතමානිකම සහ විශ්වාසවන්තකම කැපිලා පේන්නේ කොහොමද කියලා දැනගන්න.

1 රාජාවලිය පොතට හැඳින්වීමක්

සලමොන්ගේ පාලනය යටතේ සෙනඟ මුලින් අද්දැක්ක සෞභාග්‍යමත් කාලය ගැනත් අවසානයේදී බොරු නමස්කාරය දේශය බෙදීමට හේතු වුණ විදිහ ගැනත් දැනගන්න.

2 රාජාවලිය පොතට හැඳින්වීමක්

බොරු නමස්කාරය ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය වෙළාගත්තේ කොහොමද කියලත් යෙහෝවාට මුළු හිතින්ම නමස්කාර කරපු අයට ඔහු ආශීර්වාද කළේ කොහොමද කියලත් දැනගන්න.

1 ලේකම් පොතට හැඳින්වීමක්

දාවිත් රජ වුණ දා ඉඳන් දේවගරුබිය පෙන්නලා මරණය වෙන කල් විශ්වාසවන්තව හිටපු විදිහ ගැන දැනගන්න.

2 ලේකම් පොතට හැඳින්වීමක්

යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එකේ වැදගත්කම ගැන යූදා රජවරුන්ගේ මේ ඉතිහාස වාර්තාවෙන් දැනගන්න පුළුවන්.

එස්රා පොතට හැඳින්වීමක්

ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් කරනවා කියලත් යෙරුසලමේ සැබෑ නමස්කාරය පිහිටුවනවා කියලත් දෙවි දුන් පොරොන්දුව ඔහු ඒ විදිහටම ඉටු කළා.

නෙහෙමියා පොතට හැඳින්වීමක්

යෙහෝවා දෙවිගේ සේවකයන්ට නෙහෙමියා පොතෙන් වටිනා පාඩම් හුඟක් ඉගෙනගන්න පුළුවන්.

එස්තර් පොතට හැඳින්වීමක්

ඕනෑම පීඩාවකින් අපිව ගලවාගන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා අපිට විශ්වාසයි. ඒ විශ්වාසය එස්තර්ගේ කාලේ සිදු වුණු සිද්ධීන්වලින් තවත් ශක්තිමත් වෙනවා.

යෝබ් පොතට හැඳින්වීමක්

දෙවිට ආදරය කරන හැම කෙනෙක්ගෙම විශ්වාසවන්තකම සෝදිසියට ලක් වෙනවා. ඒ වුණත් අපිට දිගටම විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලා යෝබ්ගේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා.

ගීතාවලිය පොතට හැඳින්වීමක්

දෙවිට පාලනය කිරීමට ඇති අයිතිය, ඔහුට ආදරය කරන අයට ඔහු උදව් කරන විදිහ සහ දේවරාජ්‍යය මඟින් මේ ලෝකය පාරාදීසයක් වෙන විදිහ ගැන ගීතාවලිය පොතේ සඳහන් වෙනවා.

හිතෝපදේශ පොතට හැඳින්වීමක්

මේ පොතෙන් ජීවිතයේ සෑම කාරණයකටම අදාළ වෙන දෙවිගේ මඟ පෙන්වීම් දැනගන්න පුළුවන්.

දේශනාකාරයා පොතට හැඳින්වීමක්

සලමොන් රජ ජීවිතයේ වැදගත් දේවල් සහ නිෂ්ඵල දේවල් ගැන සඳහන් කළා.

සලමොන්ගේ ගීතිකාවට හැඳින්වීමක්

ෂූලම්මීය තරුණියට එඬේර තරුණයා ගැන තිබුණ වෙනස් නොවන ආදරය දෙවිගෙන් එන ගින්නකට සමාන කරනවා. ඒ ඇයි කියලා දැනගන්න.

යෙසායා පොතට හැඳින්වීමක්

යෙසායා පෙතේ සඳහන් අනාවැකි අකුරක් නෑර ඉටු වෙලා තියෙනවා. ඒ ගැන ඉගෙනගන්න එක පොරොන්දු ඉටු කරන යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න උදව් වෙනවා.

යෙරෙමියා පොතට හැඳින්වීමක්

විරුද්ධවාදිකම් මැද යෙරෙමියා විශ්වාසවන්තව ඔහුගේ පැවරුම ඉටු කළා. යෙරෙමියාගෙන් අද කාලයේ ඉන්න අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

විලාප ගී පොතට හැඳින්වීමක්

යෙරෙමියා විලාප ගීපොතේ යෙරුසලමට වුණ දේ ගැන තම හිතට දැනුණ වේදනාවත් පසුතැවීම දෙවිගේ කරුණාව ලැබීමට හේතු වෙන විදිහත් සඳහන් කළා.

එසකියෙල් පොතට හැඳින්වීමක්

කොච්චර අමාරු වුණත් දෙවි දුන්න පැවරුම එසකියෙල් විශ්වාසවන්තව ඉටු කළා. ඔහුගේ ආදර්ශය අපිට ගොඩක් වැදගත්.

දානියෙල් පොතට හැඳින්වීමක්

බාධක හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටි දානියෙල් සහ ඔහුගේ මිතුරන් ගැනත් දානියෙල් පොතේ දැනටමත් ඉටු වී ඇති අනාවැකිගැනත් ඉගෙනගද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා.

හොෂෙයා පොතට හැඳින්වීමක්

යෙහෝවා දෙවි පසුතැවිලි වන අයට සමාව දෙන විදිහ ගැනත් දෙවියන් පිළිගන්නේ මොන වගේ නමස්කාරයක්ද කියන එක ගැනත් වටිනා තොරතුරු හොෂෙයා පොතෙන් ඉගෙනගන්න පුළුවන්.

යෝවෙල් පොතට හැඳින්වීමක්

“යෙහෝවා දෙවිගේ දවස” ගැන අනාවැකි කිව්ව යෝවෙල් ඒකෙන් බේරෙන්න කරන්න ඕනෙ මොනවාද කියලත් කිව්වා. ඒ අනාවැකි අපේ කාලයට අදාළ නිසා ඒ ගැන හොයලා බලන එක හරිම වැදගත්.

ආමොස් පොතට හැඳින්වීමක්

ආමොස් නිහතමානී කෙනෙක්. දෙවි එයාව විශේෂ පැවරුමක් ඉටු කරන්න පාවිච්චි කළා. ආමොස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඔබදියා පොතට හැඳින්වීමක්

ඔබදියා පොත හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇති කුඩාම පොතයි. යෙහෝවා දෙවිගේ පාලනයේ යුක්තිසහගත බව සදහටම තහවුරු කරනවා කියලා දෙවි දුන් පොරොන්දුව ගැන ඔබදියා පොතේ සඳහන් වෙනවා.

යෝනා පොතට හැඳින්වීමක්

යෝනා දෙවි දුන්න හික්මවීම් පිළිගෙන ලැබුණ පැවරුම විශ්වාසවන්තව ඉටු කළා. ඒ වගේම දෙවිගේ ආදරය සහ දයාව ගැන වටිනා පාඩමක් ඉගෙනගත්තා. ඒ ගැන මේ පොතෙන් දැනගන්න.

මීකා පොතට හැඳින්වීමක්

යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් සාධාරණයි කියලත් ඒවා කරන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි කියලත් මීකා පොතේ සඳහන් දේවලින් පැහැදිලියි.

නාහුම් පොතට හැඳින්වීමක්

දෙවි ඔහුගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලත් දෙවිගේ රාජ්‍යය ගැන විශ්වාසය තියෙන අයට දෙවි සහනය ලබා දෙනවා කියලත් නාහුම්ගේ අනාවැකිය අපිට සහතික කරනවා.

හබක්කුක් පොතට හැඳින්වීමක්

තම සෙනඟව බේරගන්නේ කොහොමද කියලත් ඒකට සුදුසුම වෙලාව මොකක්ද කියලත් යෙහෝවා දෙවි දන්නවා. ඒ ගැන අපිට නිසැක වෙන්න පුළුවන්.

ශෙපනියා පොතට හැඳින්වීමක්

දෙවිගේ දවස ප්‍රමාදයි කියලා හිතන එක උගුලක් වෙන්න පුළුවන්. ඒකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

හග්ගයි පොතට හැඳින්වීමක්

අපේ ජීවිතේ මුල් තැන යෙහෝවා දෙවිට දෙන එකේ වැදගත්කම ගැන මේ පොතේ කාවද්දනවා.

සෙකරියා පොතට හැඳින්වීමක්

යෙහෝවා දෙවිගේ උදව් සෙනඟට තියෙනවා කියලා සෙකරියා දැක්ක දර්ශනවලින් සහතික කළා. අදත් දෙවි තමන්ගේ සෙනඟට උදව් කරනවා කියන සහතිකය ඒකෙන් අපිට ලැබෙනවා.

මලාකි පොතට හැඳින්වීමක්

දෙවිගේ වෙනස් නොවන ප්‍රතිපත්ති ගැනත් ඔහු මොන තරම් ප්‍රේමණීය, කරුණාවන්ත කෙනෙක්ද කියන එක ගැනත් මලාකි පොතෙන් දැනගන්න. වටිනා පාඩම් ගොඩක් මේ පොතෙන් ඉගෙනගන්න පුළුවන්.

මතෙව් පොතට හැඳින්වීමක්

සුවිශේෂ පොත් හතරෙන් පළවෙනි පොත මතෙව්. ඒකේ මූලික තොරතුරු දැනගන්න.

මාක් පොතට හැඳින්වීමක්

සුවිශේෂ පොත් අතරින් කෙටිම පොත මාක් පොතයි. මේ පොතෙන් දේවරාජ්‍යයේ රජු හැටියට යේසුස් අනාගතයේදී කරන්න යන දේවල් ගැන යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ලූක් පොතට හැඳින්වීමක්

අනිත් සුවිශේෂ පොත්වල නැති තොරතුරු ලූක් සුවිශේෂයේ සඳහන් වෙනවා. ඒවා මොනවාද?

යොහන් පොතට හැඳින්වීමක්

යොහන් පොතේ යේසුස්ට මිනිසුන් ගැන තියෙන ආදරය ගැනත් නිහතමානීකම ගැන ඔහු තැබූ ආදර්ශය ගැනත් යේසුස් ගැලවුම්කරු කියලා කියන්න තියෙන සාක්ෂි ගැනත් තොරතුරු ඇතුළත්.

ක්‍රියා පොතට හැඳින්වීමක්

මුල් ක්‍රිස්තියානීන් වෙහෙස මහන්සි නොබලා මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කළා. දේශනා සේවය ගැන ඔයාගේ හිතේ තියෙන උද්‍යෝගය වැඩි කරගන්න ක්‍රියා පොත උදව් වෙයි.

රෝම පොතට හැඳින්වීමක්

යෙහෝවා දෙවියන් හැමෝටම එක වගේ සලකන කෙනෙක් කියන එක ගැනත් යේසුස් ගැන විශ්වාසය තියන එකේ වැදගත්කම ගැනත් රෝම පොතේ සඳහන් වෙනවා.

1 කොරින්ති පොතට හැඳින්වීමක්

එක්සත්කම, පවිත්‍රකම, ආදරය පෙන්වීම ගැන විතරක් නෙමෙයි නැවත නැඟිටීම විශ්වාස කරන්න තියෙන හේතු ගැනත් පාවුල් කතා කරනවා.

2 කොරින්ති පොතට හැඳින්වීමක්

”සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා තමන්ගේ සේවකයන්ව ශක්තිමත් කරනවා.

ගලාති පොතට හැඳින්වීමක්

ගලාතිවරුන්ට ලියූ ලිපියේ සඳහන් තොරතුරු අද ඉන්න ක්‍රිස්තියානීන්ටත් ගොඩක් ප්‍රයෝජනවත්. දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ තොරතුරු උදව් වෙනවා.

එෆීස පොතට හැඳින්වීමක්

දෙවියන් තම අරමුණ ඉටු කරගැනීමට ක්‍රියාත්මක කරලා තියෙන වැඩපිළිවෙළ ගැන පාවුල් එෆීසවරුන්ට ලියූ ලිපියෙන් දැනගන්න.

ෆිලිප්පි පොතට හැඳින්වීමක්

අපි විරුද්ධවාදිකම් හමුවේ දිගටම ධෛර්යවන්තව වැඩ කරද්දී ඒකෙන් අනිත් අයට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා.

කොලොස්සි පොතට හැඳින්වීමක්

ඉගෙනගන්න දේවල් අදාළ කරගනිද්දී, අනිත් අයට මුළු හදවතින්ම සමාව දෙද්දී, දෙවියන්ගේ අරමුණ තුළ යේසුස්ගේ කාර්යභාරය තේරුම්ගද්දී දෙවියන්ව ප්‍රශංසා කරන්න අපිට පුළුවන්.

1 තෙසලෝනික පොතට හැඳින්වීමක්

අවදිව, සිහිකල්පනාවෙන් සිට සෑම දෙයක් ගැනම සෝදිසි කර බලන එකත් නොකඩවා යාච්ඤා කරන එකත් එකිනෙකාව දිරිගන්වන්න එකත් වැදගත්.

2 තෙසලෝනික පොතට හැඳින්වීමක්

දෙවියන්ගේ දවස ආරම්භ වෙලා කියලා පැතිර තියෙන ඉගැන්වීම් නිවැරදි කරන පාවුල් දිගටම විශ්වාසවන්තව ඉන්න කියලා සහෝදරයන්ව දිරිගන්වනවා.

1 තිමෝති පොතට හැඳින්වීමක්

සභාවේ වැඩකටයුතු වෙන්න ඕන විදිහ ගැනත් බොරු ඉගැන්වීම් සහ මුදල් පසුපස හඹා යෑමේ ඇති අනතුර ගැනත් පාවුල් මේ ලිපියෙන් කාවද්දනවා.

2 තිමෝති පොතට හැඳින්වීමක්

දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න කියලා පාවුල් තිමෝතිව දිරිගන්වනවා.

තීතස් පොතට හැඳින්වීමක්

සභාවේ නිසි ලෙස සිදු නොවන දේවල් නිවැරදි කරන්න කියලත් වැඩිමහල්ලන් ලෙස සේවය කිරීමට කැමති අයට තිබිය යුතු සුදුසුකම් ගැනත් පාවුල් මේ ලිපිය මාර්ගයෙන් තීතස්ට කියනවා.

ෆිලෙමොන් පොතට හැඳින්වීමක්

මේ ලිපියෙන් කරුණාව, නිහතමානිකම සහ සමාව දීම ගැන ඉගෙනගන්න පුළුවන්.

හෙබ්‍රෙව් පොතට හැඳින්වීමක්

ක්‍රිස්තියානීන්ට නමස්කාරය සඳහා ඇති උසස් සැලැස්ම සම්බන්ධයෙන් පාවුල් යුදෙව් ක්‍රිස්තියානීන්ට පැහැදිලි කරනවා.

යාකොබ් පොතට හැඳින්වීමක්

බයිබල් ප්‍රතිපත්ති ගැන පැහැදිලි කරන්න යාකොබ්, මිනිසුන්ට හුරු පුරුදු, සරල වගේම බලපෑමෙන් යුත් උදාහරණ පාවිච්චි කළා.

1 පේතෘස් පොතට හැඳින්වීමක්

යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් ඉන්න කියලත් කනස්සල්ලට හේතු වන හැම දෙයක්ම දෙවියන්ට භාර දෙන්න කියලත් පාවුල් කියනවා.

2 පේතෘස් පොතට හැඳින්වීමක්

අලුත් අහසක් සහ අලුත් පොළොවක් එන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න එකේ වැදගත්කම 2 පේතෘස් පොතෙන් කාවද්දනවා.

1 යොහන් පොතට හැඳින්වීමක්

මේ ලිපිය මාර්ගයෙන් යොහන්, ක්‍රිස්තු-විරෝධීන් ගැන අනතුරු අඟවනවා. ඒ වගේම ප්‍රේමය පෙන්වීම ගැනත් අපි පරෙස්සම් වෙන්න ඕනෙ දේවල් ගැනත් ඔහු පෙන්වනවා.

2 යොහන් පොතට හැඳින්වීමක්

දෙවියන්ගේ ආඥාවලට එකඟව දිගටම ජීවත් වීමේ වැදගත්කම ගැනත් බොරු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමේ වැදගත්කම ගැනත් ඔහු මේ ලිපියෙන් කාවද්දනවා.

3 යොහන් පොතට හැඳින්වීමක්

ආගන්තුක සත්කාරය පෙන්නන එකේ වැදගත්කම ගැන යොහන් තම තුන්වෙනි ලිපියෙන් කාවද්දනවා.

යූද් පොතට හැඳින්වීමක්

විශ්වාසය රැකගන්න මහත් සටනක නිරත වෙන්න කියලා යූද් මේ ලිපියෙන් මතක් කරනවා.

එළිදරව් පොතට හැඳින්වීමක්

දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවියන්ගේ අරමුණ ස්වර්ගයේ වගේම පොළොවේ ඉටු වෙන විදිහ පෙන්වන පුදුම දනවන දර්ශන කීපයක් එළිදරව් පොතට ඇතුළත්.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

පොත් සහ සඟරා

බයිබලය - එහි පණිවිඩය කුමක්ද?

බයිබලයේ තියෙන ප්‍රධාන පණිවිඩය මොකද්ද?