Skip to content

Cookies හා එවැනි තාක්ෂණයන් පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්තිය

Cookies හා එවැනි තාක්ෂණයන් පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්තිය

බොහෝ වෙබ් අඩවිවල වගේම මේ වෙබ් අඩවියට ඔබ පිවිසුණාම cookies, web beacons වැනි තාක්ෂණයන් නිසා දත්ත කුඩා ප්‍රමාණයක් ඔබේ ජංගම දුරකථනයේ, ටැබ්ලට් එකේ හෝ පරිගණකයේ ගබඩා වෙනවා. “cookies” යන වචනය මේ ප්‍රතිපත්තිය තුළ පාවිච්චි කරද්දී එයට පුළුල් අර්ථයක් ඇති අතර එයට localStorage වැනි තාක්ෂණයන්ද ඇතුළත් වේ. මෙම වෙබ් අඩවියේ නිසි ක්‍රියාකාරීත්වයට cookies අවශ්‍ය වන අතර පුද්ගලයන් අපේ වෙබ් අඩවිය භාවිත කරන ආකාරය ගැනත් තොරතුරු සපයයි. අපේ වෙබ් අඩවිය තවත් දියුණු කරන්න මේ තොරතුරු උදව් වෙනවා. පෝරමයක් හෝ අයදුම්පතක් පිරවීමෙන් කෙනෙක් කැමැත්තෙන්ම තමන්ගේ තොරතුරු අපට ලබා දුන්නොත් මිසක් අපේ වෙබ් අඩවියට පිවිසෙන එක් එක් පුද්ගලයා ගැන අපි තොරතුරු හොයන්නේ නැහැ.

Cookies. විවිධ කාර්යයන් සිදු කිරීමට විවිධ වර්ගයේ cookies ඇති අතර අපේ වෙබ් අඩවිය වඩා හොඳින් හා පහසුවෙන් පාවිච්චි කරන්න ඒවා ඔබට උදව් වෙයි. ඔබ කලින් අපේ වෙබ් අඩවියට පිවිසිලා තියෙනවාද කියලා අපට දැනගන්න, වෙබ් අඩවිය තුළ ඔබ කළ තේරීම් මතක තබාගැනීමට අප cookies පාවිච්චි කරනවා. උදාහරණයකට, වෙබ් අඩවියේ ඔබ තෝරාගත් භාෂාව මතක තබාගැනීමට අප cookie එකක් භාවිත කරන අතර ඊළඟ වතාවේදී ඔබ වෙබ් අඩවියට පිවිසෙද්දී ඔබ කලින් තෝරාගත් භාෂාවම ඔබ වෙනුවෙන් තෝරන්න අපට පුළුවන්. වෙළඳ ප්‍රචාරණය සඳහා අප cookies භාවිත කරන්නේ නැහැ.

මෙම වෙබ් අඩවියේ අප භාවිතා කරන cookies පහත සඳහන් කාණ්ඩ 3න් එකකට අදාළ වේ.

  1. අත්‍යවශ්‍ය cookies. වෙබ් අඩවියට ඇතුල් වීමට හෝ පෝරමයක් යැවීමට වගේ සමහර කාර්යයන් කරගැනීමට මෙම කාණ්ඩයට අයිති cookies අත්‍යවශ්‍ය වේ. මෙම cookies නැතුව ඔබ ඉල්ලුම් කර ඇති සේවාවන් එනම් online පරිත්‍යාගයක් කිරීම වගේ සේවාවන් කළ නොහැකියි. ඔබ අපේ වෙබ් අඩවිය භාවිත කරන විට ඉල්ලන සේවාවන් ඉටු කිරීමට අවශ්‍ය වන cookiesද මෙයට අයත් වේ. වෙළඳ ප්‍රචාරණය සඳහා ඔබ පිළිබඳව තොරතුරු රැස් කිරීමක් හෝ අන්තර්ජාලය තුළ ඔබ පිවිසුණු වෙබ් අඩවි මතක තබාගැනීමට හෝ මෙම cookies භාවිතා නොකරයි.

  2. ක්‍රියාකාරීත්වය සඳහා භාවිත කරන cookies. ඔබ කලින් කළ තේරීම් (එනම් ඔබේ username එක, භාෂාව හෝ ප්‍රදේශය) වෙබ් අඩවියට මතක තබාගැනීමට මෙම cookies උදව් වේ. ඒ වගේම වෙබ් අඩවිය වඩා හොඳින් හා පහසුවෙන් පාවිච්චි කරන්නත් මෙම cookies උදව් වේ.

  3. තොරතුරු සොයා බැලීමට භාවිත කරන Cookies. ඔබ කී වතාවක් වෙබ් අඩවියට පිවිසුණාද, සාමාන්‍යයක් විදිහට එය කොතරම් කාලයක් භාවිත කළාද වගේ මෙම වෙබ් අඩවියට පිවිසෙන අය එය භාවිතා කරන විදිහ ගැන තොරතුරු දැනගන්න මෙම cookies භාවිත කරයි. මෙම තොරතුරු මේ වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය තවත් දියුණු කිරීමට පමණක් භාවිත කරයි.

තවත් cookies තුන්වන පාර්ශවයක් විසින් සකස් කළ ඒවායි. Cookiesවල උදාහරණ ඇතුළත් ලැයිස්තුවෙන් මේ ගැන තවත් තොරතුරු දැනගන්න පුළුවන්.

Web Beacons. යම් නිශ්චිත පිටුවකට පිවිසීම වැනි ක්‍රියාවලීන් මතක තබාගැනීමට භාවිත කරන කුඩා ඉලෙක්ට්‍රොනික් files අපගේ වෙබ් පිටුවල තිබිය හැක. ඒවා Web beacons ලෙස හැඳින්වේ. මෙම වෙබ් අඩවියේ භාවිතය ගැන තොරතුරු වාර්තා කරගැනීමටත් එහි ක්‍රියාකාරීත්වය සොයා බැලීමටත් Web beacons භාවිත කෙරේ.

IP Addresses භාවිතය. IP Addresses කියන්නේ ඔබේ පරිගණකය අන්තර්ජාලය තුළ හඳුනාගන්න තිබෙන සංඛ්‍යා කේතයකි. ඔබේ IP address හා browser type එක පාවිච්චි කරලා කෙනෙක් අපේ වෙබ් අඩවිය භාවිත කරන රටාව හඳුනාගන්න, වෙබ් අඩවියේ ඇති දෝෂ හඳුනාගන්න වගේම අපේ සේවාවන් තවත් දියුණු කරගන්න අපට පුළුවන් වෙනවා. ඔබව පුද්ගලයෙක් හැටියට හඳුනාගන්න නම් IP address එක පමණක් නොව අමතර තොරතුරුද අවශ්‍ය වේ.

ඔබේ තේරීම. ඔබ අපේ වෙබ් අඩවියට පිවිසුණාම අපේ cookies ඔබේ web browser එකට යවන අතර ඒවා ඔබේ පරිගණකයේ ගබඩා වේ. අපේ වෙබ් අඩවිය භාවිත කිරීමෙන් cookies හා ඒ හා සමාන තාක්ෂණයන් භාවිතයට ඔබ එකඟ වන බව පෙන්වනවා. ඒවා ඉවත් කිරීමට අවශ්‍ය නම්, ඔබේ browser එකේ settingsවලට ගොස් එය කළ හැකියි. නමුත් cookies නැතුව අපේ වෙබ් අඩවියෙන් සම්පූර්ණ ලෙස ප්‍රයෝජන ගත නොහැකි බව සලකන්න. Cookies ඉවත් කරගන්න විදිහ browser එකෙන් browser එකට වෙනස් වෙන්න පුළුවන්. වැඩි විස්තර සඳහා ඔබේ browser එකේ Help menu එක බලන්න.

අප Cookies භාවිත කරන ආකාරය පිළිබඳව උදාහරණ බලන්න පහත සඳහන් වෙබ් අඩවිවලින් එකකට පිවිසෙන්න.

Cookies and Similar Technologies Used by Several of Our Websites කියන වෙබ් පිටුවත් බලන්න.