Skip to content

පෞද්ගලික දත්ත භාවිතයලිඛ්ටන්ස්ටයින්

පෞද්ගලික දත්ත භාවිතයලිඛ්ටන්ස්ටයින්

ප්‍රාදේශීය මට්ටමෙන් පිහිටුවා ඇති සභා, ශාඛා කාර්යාල වැනි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සහය දක්වන කාර්යාල ඇතුළු ලෝක ව්‍යාප්ත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානය එහි නමස්කාරයට සම්බන්ධ අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් කෙනෙක්ගේ පෞද්ගලික දත්ත භාවිත කරන්නේ නීත්‍යානුකූලව බව කෙනෙක් ප්‍රචාරකයෙක් වුණාම දැනගන්නවා. ‘දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ කියන පොතේ සඳහන් ආකාරයට ප්‍රචාරකයන් ඔවුන්ගේ පෞද්ගලික දත්ත ඔවුන් අයිති සභාවලට ලබා දෙන්නේ කැමැත්තෙන්මයි. ඒ තුළින් නමස්කාරයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වෙන්නත් නමස්කාරය පැත්තෙන් ඔවුන්ට අවශ්‍ය උදව් ලබාගන්නත් පුළුවන් වෙනවා.—1 පේතෘස් 5:2

ප්‍රචාරකයන් නමස්කාරයට සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ අමතර පෞද්ගලික දත්ත දෙන්න තීරණය කරන්න පුළුවන්. ඒ දත්තවලට ඔවුන්ගේ නම, උපන් දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, බව්තීස්ම වූ දිනය, ඇමතීමට අවශ්‍ය තොරතුරු, තමන්ගේ නමස්කාරයට සම්බන්ධ තොරතුරු, තමන්ගේ දේශනා සේවය පිළිබඳ තොරතුරු, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර දරන විවිධ වගකීම් ඇතුළත් විය හැකියි. මෙම තොරතුරුවලට එම ප්‍රචාරකයාගේ ආගමික විශ්වාසයන් ගැන වගේම වෙතන් රහස්‍ය තොරතුරුත් ඇතුළත් විය හැකියි. පෞද්ගලික දත්ත හසුරුවනවා කියද්දී එයට දත්ත රැස් කරගැනීම, ඒවා වාර්තා කිරීම, සංවිධානය කිරීම, ව්‍යුහගත කිරීම හා ගබඩා කිරීම වැනි ක්‍රියාවලීන් ඇතුළත් විය හැකියි.

මෙම රටේ දත්ත භාවිතය පිළිබඳව පවතින නීතිය වන්නේ:

Data Protection Act (DSG).

මෙම දත්ත රැකීමේ නීතියට අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පහත ලැයිස්තුගත කර ඇති හේතූන් ඇතුළුව නමස්කාරයට සම්බන්ධ අරමුණු වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික දත්ත භාවිත කරන්න එකඟව වන බව ප්‍රචාරකයන් පෙන්වනවා.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක පවත්වන ඕනෑම රැස්වීමකට සහභාගි වීම, ස්වේච්ඡා සේවයකට හෝ ව්‍යාපෘතියකට සහභාගි වීම.

  • ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාරමය ප්‍රයෝජනය සඳහා පටිගත කර විකාශනය කෙරෙන රැස්වීමකට හෝ සමුළුවකට සහභාගි වීමට තීරණය කිරීම.

  • සභාවක යම් පැවරුමක් ඉටු කිරීම හෝ යම් වගකීමක් හෙබවීම. මෙහිදී ප්‍රචාරකයාගේ නම හා ඔහුට අදාළ පැවරුම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල ඇති දැන්වීම් පුවරුවේ පළ කරනු ලැබේ.

  • සභාවේ ප්‍රචාරකයන්ගේ ‘ප්‍රචාරක වාර්තාව’ පවත්වාගෙන යෑම.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලන් විසින් ප්‍රචාරකයන්ව හමු වී දිරිගැන්වීම හා සැලකිල්ල පෙන්වීම. (ක්‍රියා 20:28; යාකොබ් 5:14)

  • හදිසි අවස්ථාවක භාවිත කිරීමට තොරතුරු වාර්තා කර තබාගැනීම.

කෙනෙක්ගේ පෞද්ගලික දත්ත කොයි තරම් කාලයක් තබාගන්නවාද කියා නිශ්චිතවම කිව නොහැකි නමුත් එය තබා ගන්නේ ඉහත සඳහන් අරමුණු ඉටු කරගන්නා තෙක් හෝ නීත්‍යානුකූල කාර්යක් ඉටු වන තෙක් පමණයි. ප්‍රචාරකයෙක් ‘පෞද්ගලික දත්ත භාවිතය සඳහා අවසරය සහ දැනුම් දීම’ යන පෝරමයට අත්සන් නොතබන්න තීරණය කළොත් සභාවේ විවිධ වගකීම හෙබවීමට හෝ නමස්කාරයට සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම්වලට එම පුද්ගලයාව හවුල් කරගැනීමට හෝ සුදුසුයි කියා තීරණය කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නොහැකි වෙයි.

සුදුසු හා අවශ්‍ය අවස්ථාවලදී පෞද්ගලික දත්ත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සම්බන්ධ ඕනෑම කාර්යාලයකට ලබා දිය හැකියි. දත්ත යවන රටේ දත්ත ආරක්ෂා කරන ප්‍රමාණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සහය දක්වන සමහර කාර්යාල පිහිටා ඇති රටවල් ඒවා ආරක්ෂා කරන ප්‍රමාණයට වඩා වෙනස් වෙන්න පුළුවන් බව ප්‍රචාරකයන් තේරුම්ගන්නවා. එක්සත් ජනපදයේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයට සම්බන්ධ කාර්යාල ඇතුළු තමන්ගේ පෞද්ගලික දත්ත ලබන අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දත්ත රැකීම පිළිබඳ ප්‍රතිපත්තියට එකඟව තම දත්ත භාවිත කරයි කියලා ප්‍රචාරකයන් තේරුම්ගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතු තමන්ගේ පෞද්ගලික දත්තවලට ප්‍රවේශ වෙන්න, දත්ත හැසිරවීම අයින් කරන්න ඉල්ලුම් කරන්න හෝ ඊට සීමා යොදන්න වගේම දත්තවල යම් නිවැරදි කිරීම් කරන්න ප්‍රචාරකයන්ට අයිතිය තියෙනවා. තමන්ගේ පෞද්ගලික දත්ත ඉදිරියේදී භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්තියට වුණු එකඟත්වය ඕනෑම අවස්ථාවක අහෝසි කරන්න ප්‍රචාරකයෙක්ට පුළුවන්. ප්‍රචාරකයෙක් තමන්ගේ පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව වූ එකඟත්වය ඉවත් කළ විට පවා නීතියට එකඟ නමස්කාරයට සම්බන්ධ කාරණා පදනම් කරගෙන හෝ දත්ත රැකීමේ පනතට එකඟ වෙනත් නීත්‍යානුකූල පදනමක් මත හෝ ලොව පුරා වෙසෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තොරතුරු පවත්වාගෙන යෑම හා පරිපාලනය කිරීම යන අරමුණු සඳහා කෙනෙක්ගේ කැමැත්තකින් තොරව සමහර පෞද්ගලික දත්ත භාවිත කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන්. තමන් ජීවත් වන රටේ දත්ත රැකීම පිළිබඳව පිහිටුවා ඇති අධිකාරියේ පැමිණිල්ලක් ගොනු කිරීමට තමන්ට අයිතියක් ඇති බව ප්‍රචාරකයන් දන්නවා.

පෞද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම සඳහා දත්ත රැකීමේ පනතට එකඟව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ ක්‍රියා පටිපාටි මෙන්ම තාක්ෂණික ක්‍රියාවලීන්ද අනුගමනය කරයි. ඉහත සඳහන් කර ඇති අරමුණු ඉටු කරගැනීම සඳහා අවසර ඇති සීමිත පිරිසක් තමන්ගේ පෞද්ගලික දත්ත භාවිත කරන බව ප්‍රචාරකයන් දන්නවා.

අදාළ දත්ත රැකීමේ නිලධාරියාගෙන් මේ පිළිබඳව වෙනත් විස්තර දැනගැනීමට ඊ-මේල් කරන්න.

දත්ත රැකීම පිළිබඳව අමතන්න කියන පිටුවට පිවිසෙන්න.

තමන් ජීවත් වන රටේ දත්ත පාලනය කරන්නාව හෝ අවශ්‍ය අවස්ථාවලදී ඔහුගේ නියෝජිතයාව හා දත්ත රැකීමේ නිලධාරියාව ඇමතිය හැකි තොරතුරු jw.org වෙබ් අඩවියේ ඇති දත්ත රැකීම පිළිබඳව අමතන්න යන පිටුවෙන් ලබා ගත හැකි බව ප්‍රචාරකයන් දන්නවා.

අපේ නමස්කාරයට සම්බන්ධ ක්‍රියාකාරකම් නිසාත්, නීතිය නිසාත්, තාක්ෂණය අලුත් වන නිසාත් කාලෙන් කලෙට මෙම ප්‍රතිපත්තිවල යම් වෙනස්කම් සිදු විය හැකියි. පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව ඇති මේ පිටුවේ යම් වෙනසක් කළොත් ඒවා මේ පිටුවේ පළ කරන නිසා අප රැස් කරගන්නේ මොන වගේ තොරතුරුද කියාත් ඒවා අප භාවිත කරන ආකාරය ගැනත් ප්‍රචාරකයන්ට නිතරම දැනුවත් විය හැකියි. මෙම පිටුවේ සිදු කරන වෙනස්කම් ගැන දැනගනීමට කාලෙන් කාලෙට මෙම පිටුව පරීක්ෂා කරන්න.