Skip to content

පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්තිය

පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්තිය

පෞද්ගලික දත්ත භාවිතය

මේ වෙබ් අඩවියේ බොහෝ දේවල් කියවීමට හෝ බැලීමට වෙබ් අඩවියට register වීම හෝ පෞද්ගලික තොරතුරු අපිට ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. කෙසේවෙතත්, සමහර සේවාවන් ලබාගත හැකි වන්නේ register වූ අයට පමණයි. ඉල්ලීම් හෝ අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් හෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් මාර්ගයෙන් jw.org වෙබ් අඩවිය තුළින් තමන්ගේ පෞද්ගලික දත්ත සපයනු ලබන අයට එසේ register විය හැකියි. අප ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිත කරන්නේ ඔබේ අවසරය මත පමණයි. සමහර අවස්ථාවලදී ඔබ ලබා දුන් අවසරය අවලංගු කරන්න තීරණය කළත් නීත්‍යානුකූල පදනමක් තිබේ නම් ඔබේ දත්ත දිගටම භාවිතා කරන්න අපිට පුළුවන්.

ඔබ ඇතුළත් කරන පෞද්ගලික දත්ත වෙබ් අඩවිය තුළ අප භාවිත කරන්නේ ඒවා ඇතුළත් කරද්දී සඳහන් කළ අරමුණ වෙනුවෙන් පමණයි. එම අරමුණුවලට පහත සඳහන් කරුණු ඇතුළත් විය හැකියි.

E-mail account එක. මෙම වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කරද්දී ඔබ ඇතුළත් කරන e-mail address එක ගිණුම සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට භාවිතා කරන්න ඉඩ තියෙනවා. උදාහරණයකට, මෙම වෙබ් අඩවියට ඇතුළත් කරපු username හෝ password එක ඔබට අමතක වුණොත් ඔබ ඇතුළත් කළ e-mail address එකට පණිවිඩයක් යැවීම මාර්ගයෙන් ඔබට අවශ්‍ය සහය ලබා දෙයි.

අයදුම්පත්. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් පිළිගන්නා අයෙක් නම් ඔබට මෙම වෙබ් අඩවියේ ගිණුමක් විවෘත කර අයදුම්පතක් යැවීමට හැකියි. එසේ නැත්නම් ඔබ අයත් වන සභාවට හැකියි ඔබේ අයදුම්පත වෙබ් අඩවිය හරහා යැවීමට. එක් එක් අයදුම්පත භාවිතා කරන අරමුණ ඒ අදාළ අයදුම්පතේ පැහැදිලිවම සඳහන් වෙනවා. උදාහරණයකට වැඩි සේවයක් කිරීම සඳහාද, සමුළු හෝ වෙනත් අවස්ථාවලදී නවාතැන් දීමට ඉදිරිපත් වීම හෝ නවාතැන් ඉල්ලුම් කිරීම සඳහාද කියා පැහැදිලිවම අයදුම්පත්වල සඳහන් වෙනවා. මෙම අයදුම්පතට ඔබ විසින්, ඔබ අයත් වන සභාවේ වැඩිමහල්ලන් විසින් හෝ චාරිකා සේවකයෙකු විසින් ඇතුළත් කරන තොරතුරු සඳහන් විය හැකියි. මෙම තොරතුරු භාවිතා කරන්නේ අයදුම්පත සලකා බැලීම හා ඒ හා සමාන පරිපාලන කටයුතු සඳහා පමණයි. ඔබ ඉදිරිපත් කළ අයදුම්පත හෝ එහි ඔබ ඇතුළත් කළ තොරතුරු විවිධ රටවල්වල පිහිටා ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලට, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මුලස්ථානයට හෝ ඔවුන් භාවිත කරන නීතික ආයතන වෙත යැවිමටත් අවශ්‍ය විය හැකියි. අයැදුම්පත් පරිගණකයක් හරහා ස්වයංක්‍රීය පරික්ෂණයකට ලක් නොවේ. ඒවායේ තොරතුරු වෙන වෙනම සලකා බැලීමකට ලක් වේ.

පරිත්‍යාග. ඔබ මුදල්වලින් online යම් පරිත්‍යාගයක් කළොත් ඔබව ඇමතිය හැකි තොරතුරු අප සටහන් කරගන්නවා. credit cardවලින් කරන පරිත්‍යාග භාරගැනීම සඳහා අප පිළිගත් online payment processing සේවාවන් භාවිත කරන අතර ඒවාට ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක ක්‍රම වගේම දත්ත ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිත් ඇතුළත් වෙනවා. අපට ඔබේ credit card එකේ අංක හෝ එවැනි වෙනත් ගිණුම්වල අංක ලැබිය හැකි අතර ඒවා සේවාව ඉටු කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සේවාව සපයන්නන්ට යොමු කරනු ලබනවා. ඔබ ලබා දෙන පරිත්‍යාග අප process කරන්නේ Payment Card Industry Data Security Standard (“PCI DSS”) යන ආරක්ෂක ප්‍රමිතියට එකඟවයි. රටේ නීතිය හෝ වෙනත් අවශ්‍යතාවයන් මත සෑම ගනු දෙනුවකම වාර්තා යම් කාලයක් පුරා පරිත්‍යාග ලබන්නා විසින් තබාගනු ලැබෙයි. මෙම වාර්තාවලට පරිත්‍යාගය කළ දිනය, පරිත්‍යාග කළ ප්‍රමාණය, පරිත්‍යාගය කළ ක්‍රමය වගේ තොරතුරු ඇතුළත් වේ. මෙවැනි තොරතුරු වාර්තා කර තබාගන්න නිසා ගිණුම්කරණයට අදාළ ප්‍රමිතිවලට එකඟව කටයුතු කිරීමට හැකි වන අතර එම වාර්තා අප ළඟ තිබෙන කාල සීමාව ඇතුළත ඒ සම්බන්ධයෙන් ඔබට ඇති විය හැකි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටත් හැකි වෙයි. අමතර පරිත්‍යාග ඉල්ලන්න අපි ඔබව අමතන්නේ නැහැ.

වැඩි විස්තර සඳහා හෝ බයිබලය ගැන ඉගෙනගන්න ඉල්ලුම් කිරීම. අපගේ වෙබ් අඩවිය තුළින් වැඩි විස්තර හෝ නොමිලේ බයිබලය ගැන ඉගෙනගන්න ඉල්ලුම් කරන්න ඔබට පුළුවන්. ඔබේ ඉල්ලීමත් සමඟ ඔබ ඇතුළත් කරන පෞද්ගලික දත්ත භාවිත කරන්නේ ඊට අදාළ සේවාව සැපයීම සඳහා පමණයි. අවශ්‍ය වූ විට පමණක් ඔබේ ඉල්ලීම ඉටු කිරීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල වෙතට හෝ ඔවුන් භාවිත කරන නීතික අයතන වෙතට ඔබේ දත්තයන් යවනු ලබනවා.

වෙනත් කාර්යයන් සඳහා. ගිණුමක් ආරම්භ කිරීම, අයදුම්පතක් ඉදිරිපත් කිරීම හෝ පරිත්‍යාගයක් කිරීමට පමණක් නොව වෙනත් කාර්යයන් සඳහාත් ඔබ, ඔබේ පෞද්ගලික දත්ත (නම, ලිපිනය හෝ දුරකථන අංකය වැනි තොරතුරු) ඇතුළත් කළ හැකියි. ඔබෙන් තොරතුරු ඉල්ලන්නේ මොන අරමුණක් වෙනුවෙන්ද කියන එක නිතරම ඔබට පැහැදිලිව දැනුම් දීමට අප වගබලා ගන්නවා. එසේ දැනුම් දුන් හේතුව හැර වෙන කිසිම දෙයකට ඔබේ පෞද්ගලික දත්ත පාවිච්චි කරන්නේ නැහැ.

අප ඔබෙන් ලබාගන්න පෞද්ගලික දත්ත රැස් කරන්නේ, ගබඩා කරන්නේ හා භාවිත කරන්නේ ඔබ එය ඇතුළත් කළ අරමුණ වෙනුවෙන් පමණයි. ඒවා අප ළඟ තබාගන්නේ ඔබ ඉල්ලූ සේවාව පූර්ණ කිරීම තෙක් හෝ වෙන යම් නීත්‍යානුකූල අරමුණක් වෙනුවෙන් පමණයි. මෙවැනි අවස්ථාවලදී යම් තොරතුරක් අපට ලබා දීම ඔබ ප්‍රතික්ෂේප කළොත් මෙම වෙබ් අඩවියේ සමහර කොටස්වලට ඔබට පිවිසිය නොහැකි වනවා වගේම ඔබ ඉල්ලූ සේවාව ලබා දීමටත් අපට නොහැකි වෙයි.

ඔබ ලබා දුන් දත්තවලට පිවිසිය හැක්කේ අදාළ සේවාව ලබා දීම සඳහා කටයුතු සැලසුම් කරන්නන්ට හා/හෝ තාක්ෂණික පද්ධතීන් මෙහෙයවීම හා නඩත්තු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික විශේෂඥයන්ටයි. ඊළඟට සඳහන් කර ඇති හේතුවලට හැර වෙනත් කිසිම කෙනෙකුට අප ඔබේ පෞද්ගලික දත්ත ලබා දෙන්නේ නැහැ. (1) ඔබ ඉල්ලූ සේවාව ඉටු කිරීමට එම තොරතුරු වෙනත් කෙනෙකුට ලබා දීම අත්‍යවශ්‍යයි නම් ඔබේ අනුදැනුම ඇතුව ඒවා දෙනු ලබනවා. (2) යම් නීති හා රෙගුලාසිවලට අනුව එම තොරතුරු අනාවරණය කිරීම අත්‍යවශ්‍යයි හා සාධාරණයි කියා අපට පූර්ණ විශ්වාසයක් ඇත්නම් ඒවා දෙනු ලබනවා. (3) යම් බලධාරීන් විසින් ඒවා ඉල්ලා ඇති විට ඒවා දෙනු ලබනවා. (4) ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති විය හැකි තාක්ෂණික දෝෂ හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට අවශ්‍ය වූ විට ඔබේ දත්තයන් දෙනු ලබනවා. මෙම වෙබ් අඩවිය භාවිත කිරීම තුළින් ඔබේ පෞද්ගලික දත්තයන් ඉහත සඳහන් කළ හේතුන්වලට පමණක් තුන්වන පාර්ශවයකට අනාවරණය කිරීමට ඔබ අවසර දී ඇති බව පෙන්වනවා. ඔබ ලබා දෙන පෞද්ගලික දත්ත අප කිසිම අවස්ථාවකදී විකුණන්නේ හෝ කුලියට ලබා දෙන්නේ නැහැ.

වෙනත් රටවලට දත්ත යැවීම

මෙම ආගමික සංවිධානය ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙන්නේ එක් එක් රටෙහි පිහිටුවා ඇති කාර්යාල මඟිනි. මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන සමහර servers පිහිට ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙයි. ඔබ ජීවත් වන රටේ දත්ත ආරක්ෂා කරන ප්‍රමාණයට වඩා වෙනස් මට්ටම්වලින් දත්ත ආරක්ෂා කරන රටවලට ඔබේ දත්ත අප යැවිය හැකියි. මෙසේ ඔබේ පෞද්ගලික දත්ත හැසිරවීමේදී හෝ වෙනත් තැනකට යැවීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් අප පියවර ගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ හෝ යටතේ වැඩ කරන සියලුම සංවිධාන, දත්තවල ආරක්ෂාව පිළිබඳව අප අනුගමනය කරන ප්‍රතිපත්ති හා පෞද්ගලික දත්ත පිළිබඳව ඇති නීති හා රෙගුලාසිවලට එකඟව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හා ඉලෙක්ට්‍රොනිකව අප සමඟ අදහස් හුවමාරු කිරීමෙන් වෙනත් රටකට ඔබේ දත්ත යැවීමට එකඟ වන බව පෙන්වනවා.

ඔබේ අයිතීන්

අප ඔබේ පෞද්ගලික දත්ත හසුරුවද්දී ඒවා ලබාගත් අරමුණ ඉටු කිරීම සඳහා ඔබේ පෞද්ගලික දත්තයන්වල නිරවද්‍යතාව තහවුරු කිරීමටත් ඒවා කාලෙන් කාලෙට අලුත් කිරීමටත් අප පියවර ගන්නවා. ඔබ ජීවත් වන රට අනුව හා එහි දත්ත ආරක්ෂාව පිළිබඳව පවතින නීතිය අනුව ඔබ අපට යොමු කළ පෞද්ගලික දත්ත පිළබඳව පහත සඳහන් අයිතීන් ඔබට තියෙන්න පුළුවන්.

  • ඔබේ රටේ පවතින නීතියට අනුව ඔබ එවූ පෞද්ගලික දත්තයන් භාවිත කරන්නේ මොන අරමුණක් වෙනුවෙන්ද පිළිබඳ විස්තර ඉල්ලිය හැකියි.

  • ඔබ ඇතුළත් කළ දත්තයන් සම්පූර්ණ නැත්නම් හෝ නිවැරදි නැත්නම් එයට පිවිසීමට, නිවැරදි කිරීමට, මැකීමට හෝ වෙනත් අය එයට පිවිසීම අවහිර කිරීමට ඔබට පුළුවන්.

  • නීත්‍යානුකූල පදනමක් තියෙනවා නම්, ඔබේ දත්ත හැසිරවීමට විරෝධතාව පළ කර එය තවදුරටත් නොහසුරුවන ලෙස අපෙන් ඉල්ලිය හැකියි.

ඔබ ජීවත් වන රටේ පවතින නීතියට අනුව ඔබ ඇතුළත් කළ පෞද්ගලික දත්තයන්වලට පිවිසීමට, එහි යම් සකස් කිරීම් කිරීමට හෝ එහි ඇති දෙයක් මැකීමට අවසර තිබේ නම් හා එසේ කිරීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා දත්ත රැකීම පිළිබඳව අමතන්න යන පිටුවෙන් තොරතුරු සොයාගත හැකියි.

ඔබෙන් ලිඛිත ඉල්ලීමක් හා ඔබේ අනන්‍යතාවය හඳුනාගැනීමට ප්‍රමාණවත් සාක්ෂි වගේම ඔබේ පෞද්ගලික දත්තයන් හඳුනාගැනීමට ප්‍රමාණවත් තොරතුරු ලබා දුන්නායි පසු, දත්ත පාලනය කරන්නා විසින් දත්තවලට පිවිසීමට හෝ එහි යමක් සැකසීමට හෝ එහි යමක් මැකීමට ඉල්ලුම් කළ පුද්ගලයාගේ අවශ්‍යතාව වගේම එවැනි දෙයක් කිරීමට ඉඩ දීමෙන් ආගමික නිදහස සම්බන්ධයෙන් සංවිධානයට ඇති අයිතියට යම් අහිතකර බලපෑමක් තිබේද යන්න සාධාරණ ලෙස සලකා බලනවා. ඒ වගේම අවශ්‍ය වෙනස්කම් ගැන අප තුන්වන පාර්ශවකරුවන්වත් දැනුවත් කරනවා.

දත්ත හැසිරවීම නීතික අවශ්‍යතාවයක් වන විට හෝ යම් නීතික පදනමක් මත ඒවා තබාගැනීමට අවශ්‍ය නම් ඒවා මැකිය නොහැකි බව සැලකිල්ලට ගන්න. උදාහරණයකට, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට කෙනෙක්ගේ තත්වය පිළිබඳව ස්ථිර වාර්ථාවක් තබාගැනීමට සංවිධානය කැමතියි. එවැනි තොරතුරු මැකීම සංවිධානය සතු ආගමික විශ්වාසයන් හා ඒ හා බැඳුණු ක්‍රියාකාරකම් උල්ලංඝනය කිරීමක් වෙයි. පෞද්ගලික දත්ත මැකීමට ඔබ ඉල්ලීමක් කළත් එය ඉටු කරනවාද යන්න තීරණය වෙන්නේ වාර්තා තබාගැනීම සම්බන්ධයෙන් හෝ එම තොරතුරු තබාගැනීමේ කාල සීමාව සම්බන්ධයෙන් ඇති නීත්‍යානුකූල පදනම මතය. මෙම වෙබ් අඩවියට ඔබ ඇතුළත් කළ තොරතුරු පාවිච්චි කරලා තියෙන විදිහ ගැන ඔබේ ප්‍රදේශයේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව සැලකිල්ලට ගන්න.