Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තොරතුරු ඇතුළත් පත්‍රිකා ගොනුවක්

 

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මොන වගේ අයද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු ගැනත් එයාලා සංවිධානය වෙලා තියෙන විදිහ ගැනත් දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන මුද්‍රිත මාධ්‍යයෙන් වගේම ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙනුත් ලබාගන්න පුළුවන්. දෙවියන්ට ළං වෙන්න, බයිබලය ගැන තියෙන අවබෝධය වැඩි කරගන්න ඒවා උදව් වෙනවා. ඒ වගේම ඒ ප්‍රකාශන කියවන එකෙන් හොඳ පුරවැසියන් වෙන්නත් හුඟදෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අසල්වැසියන් එක්ක කටයුතු කරන ආකාරය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමාජය වෙනුවෙනුත් ලොකු වැඩ කොටසක් කරනවා. එයාලා නොමිලේ බයිබල් දැනුම ලබා දෙනවා. ඒ වගේම ප්‍රජා සත්කාරයන් කරනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහජනයා වෙනුවෙන් කරන සේවය

බයිබලයේ තියෙන ශුභාරංචිය අසල්වැසියන් එක්ක බෙදාගන්න එක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාරයේ ප්‍රධානම අංගයක්. ඒ වෙනුවෙන් එයාලා පාවිච්චි කරන ක්‍රම මොනවාද? ඒකෙන් එයාලා ලබලා තියෙන සාර්ථක ප්‍රතිඵල මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුල් ජීවිතය සලකන්නේ කොහොමද?

සාක්ෂිකරුවන් අද්දැකලා තියෙනවා ස්වාමිපුරුෂයන්, භාර්යාවන් සහ දරුවන් විදිහට බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා කියලා. ඒ නිසා එයාලා සුරක්ෂිතව, සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා. බයිබලේ තියෙන ප්‍රතිපත්ති දරුවන්ට උගන්වන එකත් දෙමාපියන් එයාලාගේ ප්‍රධාන වගකීමක් විදිහට සලකනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන නිතර අහන ප්‍රශ්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ප්‍රශ්න 10කට උත්තර දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ වෛද්‍ය ප්‍රතිකාර

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජීවිතය සලකන්නේ දෙවියන්ගෙන් ලැබුණ වටිනා තෑග්ගක් විදිහට. ජීවිතය වගේම රුධිරයත් එයාලා පරිශුද්ධ දෙයක් විදිහට සලකනවා. එයාලා උත්සාහ කරන්නේ පවුලේ අය වෙනුවෙන් හොඳම ප්‍රතිකාර දෙන්න. ඒ වගේම රුධිරය නැතුව කරන ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රම ලබාගන්න එයාලා වෛද්‍යවරුන්ට සම්පූර්ණ සහයෝගය දෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

හෘද සාක්ෂියට අනුව හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න තියෙන නිදහස ජාත්‍යන්තරව පිළිගත් මූලික මානව අයිතිවාසිකමක්. හැම රජයක්ම ඒකට ගරු කරද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. හමුදා සේවය වෙනුවට වෙනත් සේවයක් කරන්න එයාලා කැමතියි. හැබැයි ඒක දඬුවමක් විදිහට නැතුව ඇත්තටම මහජනයාගේ ප්‍රයෝජනය වෙනුවෙන් කරන්න ලැබෙනවා නම් එයාලා ඒක ගොඩක් අගය කරනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ නැහැ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙන නිසා දේශපාලනික කාරණාවලදී කිසිම පැත්තක් ගන්නේ නැහැ. ඒත් සාක්ෂිකරුවන් සාමයට ළැදි, නීතිගරුක, බලධාරීන්ට ගරු කරන පුරවැසියන් කියලා ලෝකේ හුඟක් රටවල්වල හොඳ නමක් දිනාගෙන තියෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලාගේ රැස්වීම් සලකන්නේ නමස්කාරයේ වැදගත් කොටසක් විදිහට. එයාලා රැස්වීම් පවත්වන්න පාවිච්චි කරන නමස්කාර මධ්‍යස්ථාන හරිම චාම් ගොඩනැඟිලි. ඒ රැස්වීම්වලට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. එතනදී කරන ප්‍රධානම දෙයක් තමයි බයිබලය ගැන උගන්වන එක.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන සහන සේවාවන්

ආපදාවක් සිද්ධ වුණ ගමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණ අයට ඉක්මනින්ම අවශ්‍ය සහනය සහ උපකාර ලබා දෙනවා. එයාලා පිළිවෙළට, ඉක්මනින් සහන සේවා සපයන විදිහ දකින බලධාරීන් සහ සහන සේවා සපයන ආයතන එයාලාගේ උත්සාහය හුඟක් අගය කරනවා.

ළමුන්ව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට ශුද්ධ බයිබලය මත පදනම්ව තිබෙන ස්ථාවරය

යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් දරුවන්ගේ යහපත ගැන හුඟක් සැලකිලිමත්. ළමා අපචාර සම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනාවලට යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් ලබා දෙන පැහැදිලි කිරීම මෙහි ඇතුළත් වේ.